පාළු කඳවුරේ රහස

ඔන්න අද මම අරන් ආවේ 2026 අවුරුද්දේ නිකුත් වුණු, කුතුහලයෙන් පිරුණු සිරාම Survival Thriller ෆිල්ම් එකක්!
කතාව පැත්තට ගියොත්, ඒඩා කියන්නේ හිමෙන් වටවුණු පාළු හමුදා කඳවුරක් තනියම බලාගන්න තරුණ කෙල්ලෙක්. හැබැයි දවසක් හොරකම් කරපු රත්තරන් ටිකකුත් අරගෙන කලබලෙන් මනුස්සයෙක් මේ කඳවුරට කඩාපාත්වෙනවා.
ඊට පස්සේ ෆිඩ්ලර් ජෝන් ගුඩ් කියන කුරිරු නායකයා ඇතුළු දරුණු මැර කල්ලියක් මේ රත්තරන් පස්සේ පන්නගෙන ඇවිත් මුළු කඳවුරම තමන්ගේ භාරයට ගන්නවා. මෙතනින් එහාට ඒඩා තමන්ගේ නුවණ සහ උපක්‍රම පාවිච්චි කරලා, මේ දරුණු මැරයන්ගෙන් බේරිලා ජීවිතය රැකගන්න කරන සටන තමයි කතාව පුරාම දිගහැරෙන්නේ.
Survival කතාවලට ආස අයට නම් මුල ඉඳන් අගටම කුතුහලයෙන් එක දිගටම බලන්න පුළුවන් සිරාම ෆිල්ම් එකක්.එහෙනම් බලලා ආතල් එකක් ගන්න. තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments