Cast
Go Full Cast Pageරජුගේ රැකවලා
කොහොමද ළමයි.. ඔන්න මම ඔයාට අද චිත්‍රපටියක් අරගෙන ආවා. ඓතිහාසික චිත්‍රපටවලට කැමති අයට මේක ඇත්තටම අවධානය දෙන්න ඕන හොඳ නිර්මාණයක්
2026 වසරේ නිකුත් වුන මේ Historical / Epic / Drama ශානරයෙ චිත්‍රපටය Joseon රාජවංශයේ හරිම සංවේදී ඉතිහාස පරිච්ඡේදයක් පසුබිම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒත් මෙතනදි විශේෂත්වය වෙලා තියෙන්නෙ බොහොමයක් නිර්මාණ වල අපි දකිනවා වගේ ප්‍රධාන චරිත ඉස්මතු නොවී සාමාන්‍ය ජනතාවගෙ පැත්තෙන් කතාව ගලාගෙන යාම.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙන්ම රචනයත් Jang Hang-jun තමයි කරල තියෙන්නෙ. එතකොට ප්‍රධාන චරිත වලට Yoo Hae-jin, Park Ji-hoon, Yoo Ji-tae, Jeon Mi-do, Lee Joon-hyuk සහ Park Ji-hwan වගේ ප්‍රබල නළු නිළි පිරිසක් එකතු වෙනවා.
කතාව ගැන කියනව නම්, මේක රජකෙනෙකුගේ සරළ කතාවක් නෙවෙයි. ඒ රජකෙනෙකුත් ඔහු වටා ඉන්න මිනිසුන් අතර ඇතිවන බැඳීම්, පක්ෂපාතීත්වය, බලය වගේම මනුෂ්‍යත්වය ගැන කියවෙන ඉතිහාස කතාවක්. ගොඩක් ඉතිහාස කතා වල අවසානයේ රජතුමාගෙ නම මතක තිබුනත් ඔහු වටා හිටපු අය අමතක වෙලා යනවා. මේ නිර්මාණයෙන් පෙන්නන්නෙ එහෙම අමතක නොවී ඉතිහාසයට එකතු වුන චරිතයක් ගැන.











