Cast
Go Full Cast PageThe Last Day of Summer (2007) | ප්‍රාර්ථනාව ඉටු වී නිමා නොවන දිනයක සිර වෙන කොළුගැටයා
ලූක්, 5 වසරේ ප්‍රාථමික පාසලේ ඉඳන් අලුත් පාසල් වාරෙදි 6 වසරේ ලොකු ඉස්කෝලෙට තවත් එක දවසින් යන්න ඉන්න ළමයෙක්. මෙයා හරියට වද වෙනවා මෙහෙම ප්‍රාථමික පාසලක ඉඳලා ලොකු ඉස්කෝලෙකට යන්න වුණාම මූණ පාන්න වෙන ගැටළු ගැන හිතලා. හරියට පොඩි ඉස්කෝලේ හිටිය සමහර යාළුවෝ ඒ ලොකු ඉස්කෝලේ නෑ, කලින් පරණ යාළුවෝ සේරම එකම පන්තියට නොවැටේවී කියලා වගේ මේ දේවල්. අපිටත් මේවා මේ විදියටම තිබුණා නේද අපේ පොඩි කාලෙදි? ඉතින් මේ ලූක් කල්පනා කරනවා කොහොමද හෙට දවසක් උදා නොවී තියාගෙන අද පාසල් නිවාඩුවේ අවසන් දිනයෙම එක දිගටම ඉන්න විදියක් ගැන. කොහොමහරි කොල්ලගේ මේ වැඩේ සාර්ථක වෙනවා. හැබැයි මේකෙන් මූණ පාන්න වෙන දේවල් නම් ලූක්ට එමටයි.
Share
Links
Comments



