අරුණෝදයේ ආදරය

ඔන්න අද මම ආවේ Anna Toddගේ ප්‍රසිද්ධ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු, The Last Sunrise කියන ලස්සන Romantic Drama ෆිල්ම් එකට උපසිරසත් අරගෙනයි!
කතාව ගැන කිව්වොත්, රයි කියන්නේ යම් රෝගී තත්ත්වයකින් පෙළෙන, අම්මාගේ දැඩි ආරක්ෂාව මැද ජීවත් වෙන ඇමෙරිකානු තරුණියක්. අම්මාගේ රැකියාවේ වැඩකට එයාලට ස්පාඤ්ඤයේ තියෙන සුන්දර Mallorca දූපතට යන්න සිද්ධ වෙනවා.
එහෙදී රයිට ජූලියන් කියන කඩවසම් තරුණයා හමුවෙනවා. තමන්ගේ රෝගී තත්ත්වයයි අම්මාගේ තහංචියි මැද, මේ දෙන්නා අතරේ ඇතිවෙන සුන්දර ආදර කතාව වගේම එයාලට මුහුණ දෙන්න වෙන අභියෝග වටා තමයි මුළු කතාවම ගෙතෙන්නේ.
මේක ආදර කතාවලට ආස අයටනම් අල්ලලා යන ලස්සනම ෆිල්ම් එකක්.එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments