පැරඩයිස් නගරයේ ලේ වැගිරීම්

සුබ දවසක් වේවා අද මම අරගෙන ආවේ Natural Star නානි ප්‍රධාන චරිතයට පණ පොවන, ශ්‍රීකාන්ත් ඔඩේලා විසින් අධ්‍යක්ෂණය කරපු මේ වසරේ රිලීස් වුණු Paradise කියන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි. IMDb අගය 6.6 ක ඉහළ අගයක් ගත්තු මේ නිර්මාණයට ප්‍රධාන නිළිය විදිහට කයාදු ලොහාර් වගේම සුපිරි නළු මෝහන් බාබු සහ රාගව් ජුයාල් ඇතුළු නළු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. අනිරුද් රවිචන්දර්ගේ පසුබිම් සංගීතය සමඟින් මුළු චිත්‍රපටයම ක හුස්මට බලන්න පුළුවන් මට්ටමේ තියෙනවා කියලා කියන්න පුළුවන්.
කතාව පැත්තට හැරුණොත්, තමන්ගේ මූලික අයිතිවාසිකම් සහ අනන්‍යතාවය ඉල්ලා සටන් කරන සවාරි කියන අහිංසක ගෝත්‍රික ජනතාව වටා ගෙතුණු ලේ සහ කඳුළෙන් ලියවුණු කතාවක්. ශිකන්ජා මලික් කියන කුරිරු පාලකයාගේ වහලුන් වෙලා ඉන්න මේ මිනිස්සුන්ගේ ගැලවුම්කරුවා වෙන්නේ අවුරුදු 14 ක් හිරේ ඉඳලා එන ජඩල්. තමන්ගේ මව වෙන සම්මක්කා වගේම මුළු ගෝත්‍රයම විඳින අපහාස සහ පීඩාවන් හමුවේ ආයුධ අතට ගන්න ජඩල්ට, පද්ධතිය සහ මාලික් එක්ක එකතු වෙලා ත්‍රස්තවාදියෙක් කියන ලේබලය අලවන්න උත්සාහ කරනවා. තමන්ගේම කියලා රටක් සහ නිදහසක් වෙනුවෙන් මේ අසරණ මිනිස්සු කරන මරණීය සටන සහ ජඩල්ගේ පළිගැනීම කොයි වගේ එකක් වෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.
එසේනම් දැන්ම cinesubz.lk වෙබ් අඩවියට ගිහින් සිංහල උපසිරැසි සහිත වීඩීයෝ පිටපත ඩවුන්ලෝඩ් කරගෙන මේ සුපිරි සිනමා අත්දැකීම විඳගන්න යැයි ආරාධනා කර සිටිනවා..

Comments