තුන්වෙනි ගොදුර කවුද?

ආයුබෝවන් යාළුවෝ හැමෝටම, අද CineSubz අපි ආවේ අලුත්ම මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් අරගෙනයි.
2026 ඔක්තෝබර් 2 වෙනිදා නිකුත් වුණ මේක කුතුහලයෙන් පිරුණු කතාවක් හොයන අයට නියම තේරීමක්.
“The Third Murder” (2026) විදිහට නම් කරලා තියෙන මේක අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ඉබ්‍රාහිම් (Sunil Ibrahim) විසින්. ප්‍රධාන චරිත විදිහට විජයක්‍රිෂ්ණන් ඒ.බී. (Vijayakrishnan A.B.), අනන්‍යා (Ananya), සංජු භාස්කර් (Sanju Bhaskar), අරුණාංශු දේව් (Arunamshu Dev), විනායි ෆෝට් (Vinay Forrt), ගිබින් ගෝපිනාත් (Gibin Gopinath), දිල්ජිත් ගෝර් (Diljit Gore), එක්ක ඉන්ද්‍රන්ස් (Indrans) රංගනයෙන් දායක වෙනවා. විනාඩි 124ක් පුරා දිවෙන මේ චිත්‍රපටය Crime, Mystery, Thriller කියන කාණ්ඩ වලට අයිති වෙනවා.
කතාව පැත්තට හැරුනොත්… පොලිස් පරීක්ෂක ක්‍රිස්ටි (Christy) අද්භූත මිනීමැරුම් මාලාවක් ගැන පරීක්ෂණයක් පටන් ගන්නවා. මේ මිනීමරුම් වල කිසිම සාක්ෂියක් ඉතුරු වෙලා නැති නිසා ඔහු මේ ගැන හොයන්න කලින් පොලිසියේ හිටපු විශේෂඥයෙක් වුණ ස්වාමි (Swamy) ගෙන් උදව් ඉල්ලනවා. පරීක්ෂණ ඉස්සරහට යද්දි ඔවුන්ගේ සැකය යන්නේ ආදිත්‍ය (Adityan) කියන තරුණයට සහ එයාගේ අහිංසක පෙනුමක් තියෙන පියා වුණ විනයන් (Vinayan) කියන වඩුවටයි. හැබැයි මේ දේවල් පිටිපස්සේ හැංගිලා තියෙන ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස් වගේම භයානකයි. කිසිම හෝඩුවාවක් නැති මේ මිනීමරුවා තුන්වෙනි පාරටත් පහර දෙන්නයි ලෑස්ති වෙන්නේ.
ඇත්තටම මේ අද්භූත මිනීමැරුම් කරන්නේ කවුද? තුන්වෙනි මිනීමැරුම වෙන්න කලින් ක්‍රිස්ටිට මේ රහස විසඳන්න පුළුවන් වෙයිද?
කුතුහලය පිරුණු අපරාධ කතා වලට ආස කරන හැමෝටම සිංහල උපසිරැසිය එක්කම මේ චිත්‍රපටය රසවිඳින්න කියලා අපි ආරාධනා කරනවා.

Comments