දෙවියන්ටවත් විනාශ කළ නොහැකි අඳුරු බලවේගය

සුබ දවසක් වේවා! අද අරන් ආවේ අද්භූත සහ ක්‍රියාදාම රසයෙන් පිරුණු (Action, Mystery, Thriller) විශිෂ්ට සිනමා නිර්මාණයකි. IMDb දර්ශකයේ 6.3 ක ඉහළ අගයක් ලබාගැනීමට සමත් වූ මෙම හින්දි චිත්‍රපටයය, සුප්‍රසිද්ධ රූපවාහිනී නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන දීපක් කුමාර් මිශ්‍රා විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ප්‍රධාන චරිත ලෙස බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟින් සුරූපී නිළි තමන්නා භාටියා රංගනයෙන් දායක වන අතර සුනිල් ග්‍රෝවර්, මනීෂ් පෝල්, අනුප් සෝනි සහ ශ්වේතා තිවාරි ඇතුළු දක්ෂ නළු නිළි පිරිසක් සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
හත්වන සියවසේ සිට පැවත එන දේවාංචල් නම් ගම්මානයක් සහ එයට මායිම්ව පිහිටි අද්භූත, වනාන්තරයක් තිබෙනවා. “ඉර බැස ගිය පසු කිසිවෙකුටත් වනාන්තරයට ඇතුළු වීම තහනම්” යන දේව අණ කඩ කරමින්, වසර සිය ගණනකට පසු එක්තරා රාත්‍රියක සිදුවන සිදුවීමක් මුළු ගම්මානයම මහත් විපතකට ඇද දමනවා. කාලාන්තරයක් තිස්සේ වනාන්තරයේ සිරකර තිබූ, දෙවියන්ට හෝ අසුරයන්ට පවා විනාශ කළ නොහැකි බලවේගයන් නිදහස් වීමේ බිහිසුණු අවදානමක් සහ. ශුද්ධ වූ වනාන්තරය කපා දමා මහා මාර්ගයක් ඉදිකිරීමට දරන දේශපාලන උත්සාහයක් ඇතුලු ඇඟ කිලිපොලා යන සිදුවීම් දාමයක් සමඟින් කතාව තුළ දිගහැරි තිබෙනවා.
ලෝකයම මහත් විනාශයකට ඇද දැමිය හැකි මේ අද්භූත බලවේගයන්ගෙන් වනාන්තරයත්, තමන්ගේ ආදරණීයයන්වත් බේරා ගැනීමට රිෂීට හැකි වේවිද? සාම්ප්‍රදායික ඇදහිලි සහ නවීන සංවර්ධනය අතර ගැටුම කෙළවර වන්නේ කෙසේද? එසේ නම් දැන්ම Cinesubz.lk වෙබ් අඩවියට පිවිසිලා සිංහල උපසිරැසි සහිත වීඩියෝව ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳීන මෙන් ආරාධනා කර සිටිනවා. ජයවේවා!

Comments