Cast
Go Full Cast Pageගංජා කෙල්ලෝ
ඔන්න අද මම ආවේ 2026 නිකුත් වුණු *The Wrong Girls* කියන ෆිල්ම් එකට සිංහල උපසිරැසිය අරගෙනයි.
*(සැලකිය යුතුයි: මෙය R-Rated (18+) Stoner Comedy / Crime ගණයේ චිත්‍රපටයක් බැවින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු වේ.)*
Dylan Meyer ගේ අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ කිසිම ඉලක්කයක් නැතුව ජීවත් වෙන තරුණ කෙල්ලෝ දෙන්නෙක් වටායි. මේ දෙන්නා වැරදීමකින් අළුත් මත්ද්‍රව්‍යයක් බොනවා, ඊට පස්සේ නොහිතපු විදියට අනිත් අයගේ හිත කියවන්න පුළුවන් මාර මානසික බලයක් මෙයාලාට ලැබෙනවා. හැබැයි මේ බලගතු ඖෂධය පස්සේ පන්නන දරුණු සතුරන් පිරිසක් මේ දෙන්නට එරෙහිව එන්න පටන් ගත්තාම වැඩේ තවත් සංකීර්ණ වෙනවා. ඉතුරු ටික දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.මේ ෆිල්ම් එක විනෝදෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
ඔයාලාගෙ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න, ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!











