EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThelma the Unicorn (2024) | “සංගීත තරුවක් වීමට සිහින දකින පුංචි කඟවේනෙක්”
අද අරගෙන ආවේ සුපිරි Family/comedy ගනයට අයත් මූවි එකක්.Thelma the unicorn කියන්නේ 2024 මැයි 17 දී අලුතින්ම රිලීස් උන ඇනිමේටඩ් මූවි එකක්.මේ මූවි එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.
තෙල්මා කියන්නේ ආකර්ෂණීය සංගීත තරුවක් වීමට සිහින දකින පුංචි පෝනියෙක්.එයාට ලස්සනට සිංදු කියන්න පුලුවන්.එයාගේ යාලුවෝ දෙන්නත් එක්ක බෑන්ඩ් එකක් හදාගෙන තමා තෙල්මා සිංදු කියන්නේ..ඒත් එයා පුංචි පෝනියෙක් නිසා මෙයාට එයාගේ හීනේ හැබෑ කරගන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ..ඒත් එක දවසක් පුදුමාකාර විදිහට රෝස පාට තින්ත වගයක් වගේම දිලිසෙන කුඩු වගයක් තෙල්මාගේ ඇගට වැටිලා එයාට යුනිකෝන් කෙනෙක්ගේ පෙනුම එනවා..ඉතින් මෙතනින් පස්සේ තෙල්මාගේ ජීවිතේ පුදුම හිතෙන විදිහට උඩු යටි කුරු වෙනවා…තෙල්මා යුනිකෝන් කෙනෙක් උනු පලියට එයාගේ හීනේ ඉශ්ට කරගන්න එයාට පුලුවන් වෙයිද?
ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා…










