EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේකත් හිත රිලැක්ස් වෙන්න හිනා වේවි බලන්න හොද චිත්‍රපටියක් කියලා කියන්නම ඕනි. Rajkummar Rao හා Sanya Malhotra මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.
මේ චිත්‍රපටිය ත්‍රිලර් එකක් නිසා මං වැඩිය කතාව ගැන කියන්න යන්නේ නැහැ.. පොඩි හැදින්විමක් දෙන්නම්… රමාකාන්ත් කියන්නේ මහාම මහා ලෝභ මනුස්සයෙක්. කොහොම හරි රමාකාන්තට තමන්ගේ බිරිද එක්ක යන්න මගුල් ගෙයක් සෙට් වෙනවා. මේකට යන්න රමාකාන්ත්ගේ බිරිද ශිල්පා රු5000ක් වටින ටොස්ටර් එකක් අරගන්නවා. රමාකාන්ත් ලෝභ නිසා 5000ක් වියදම් කරන්න කැමැති වෙන්නේම නැහැ. එත් බිරිදගේ වදේ නිසාම මේ ටොස්ටර් එක අරගන්නවා. කොහොම හරි කසාදේට මේ දෙන්නා කසාදේට යනවා. කසාදේට ගිහින් ගෙදර ආවාට පස්සේ තමයි දැනගන්නේ මේ කසාදේ එදා රෑම කැඩිලා කියලා. ඉතින් රමාකාන්ත් හිතනවා කසාදේ කැඩුනානම් දිපු තැගි වලින් වැඩක් නැහැනේ.. දුන්න ටොස්ටර් එක ආපහු ඉල්ලන් ඇවිත් කඩේට දිලා සල්ලි කරගන්නවා කියලා. ඉතින් රමාකාන්ත් යනවා මගුල් ගෙදර තිබ්බ ගෙදරට ඒ දුන්න ටොස්ටරේ ඉල්ලගන්න.. එතැනින් එහාට වෙන දේ බලන්න ඔයාලාට බාරයි. එහෙනම් හම්බවෙමු තවත් චිත්‍රපටියකින්…

Comments