ඩිජිටල් සටන

ඔන්න අද මම අරන් ආවේ අපි හැමෝම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් බලපු, Pixar ලගේ අලුත්ම Toy Story 5 ෆිල්ම් එකට සිංහල උපසිරැසියයි!
කතාව පැත්තට ගියොත්, මෙදා පාර ජෙසී, වුඩි, බස් ලයිට්යර් ඇතුළු අපේ සෙල්ලම් බඩු සෙට් එකට මුහුණ දෙන්න වෙන්නේ අමුතුම විදියේ ලොකු අභියෝගයකට. ඒ තමයි නවීන තාක්ෂණය! බොනී එයාගේ සෙල්ලම් බඩු ටික අමතක කරලා “ලිලී පෑඩ්” කියන ස්මාර්ට් ටැබ්ලට් එකට සම්පූර්ණයෙන්ම ඇබ්බැහි වෙනවා.
ළමයි මේවා පාවිච්චිය වැඩි වෙලා සෙල්ලම් කරන කාලය නැතිවෙලා යද්දී, තමන්ගේ පැවැත්ම බේරගන්න සෙල්ලම් බඩු ටිකට ලොකු සටනක් කරන්න වෙනවා. මේ නිසා බොනීව ආයෙත් ඇත්ත ලෝකයට ගන්න ජෙසී නායකත්වය අරන් මෙහෙයුමක් පටන් ගන්න විදිය තමයි කතාව පුරාම ලස්සනට දිගහැරෙන්නේ.
අපේ පොඩි කාලේ මතකයන් ආයෙත් අවදි කරන, ඒ වගේම වර්තමාන සමාජයට හොඳ පණිවිඩයක් දෙන පට්ටම ෆිල්ම් එකක්!තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments

August 21, 2026

Toy story 3 ekath one