Train Dreams (2025) | “ ගින්නෙන් දැවී අළු වූ මතක අතර හුදකලා වූ මිනිසෙකුගේ සිහින! ”

ඔන්න අද අරගෙන ආවේ හිතට ගොඩක් දැනෙන, ඇස් වලට කඳුලක් උනන්න පුළුවන් තරමේ සංවේදී කතාවක්. මේක නිකම්ම ෆිල්ම් එකක් නෙවෙයි, ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්න හිතෙන කාව්‍යමය අත්දැකීමක් කිව්වොත් හරි. 📽️✨

අපි කවුරුත් ජීවත් වෙන්නේ හෙට දවස ගැන දාහක් බලාපොරොත්තු තියාගෙනනේ. රොබට් ග්‍රේනියර් කියන්නෙත් ඒ වගේ මනුස්සයෙක්. රේල් පාරවල් හදලා, මහ කැලෑවල ගස් කපලා ජීවත් වුනු අහිංසක කම්කරුවෙක්. එයාට හිටියේ පුංචි පවුලක් විතරයි. ආදරණීය බිරිඳ ග්ලැඩිස් සහ පුංචි දුව කේටි තමයි එයාගේ මුළු ලෝකයම වුණේ. 👨‍👩‍👧🏡

ඒත් දෛවය මාර පුදුමයි වගේම කුරිරුයි. රොබට් රස්සාවට ගිහින් එයාගේ පවුල වෙනුවෙන් කීයක් හරි හොයන්න මහන්සි වෙද්දි, ගම පැත්තේ ඇතිවෙන මහා ලැව් ගින්නක් එයාගේ මුළු ලෝකයම විනාශ කරනවා. ආපහු ගෙදර එනකොට එයාට ඉතුරු වෙන්නේ අළු ගොඩක් විතරයි. තමන්ගේ ආදරණීයයන්ව අන්තිම වතාවට දකින්නවත් එයාට වාසනාවක් ලැබෙන්නේ නෑ. 💔🔥

එතැනින් එහාට එයා ගෙවන ජීවිතේ ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ. තනිකම, පාළුව එක්ක ඔට්ටු වෙමින්, කැලෑවේ සතා සිව්පාවා එක්ක ජීවත් වෙමින්, මැරුණු බිරිඳ සහ දරුවා ආපහු එයි කියලා හීන දකින මනුස්සයෙක්ගේ කතාවක් මේක. වෘකයන්ගේ හඬ අතරින් තමන්ගේ නැතිවූ දරුවාගේ හඬ හොයන තාත්තෙක්ගේ වේදනාව මේකේ හොඳටම පෙන්නනවා. 🐺🍂

මේක දුවන පනින ඇක්ෂන් ෆිල්ම් එකක් නම් නෙමෙයි. හැබැයි නිස්කලංකේ බලන්න පුළුවන්, හිතට යමක් එකතු කරගන්න පුළුවන්, සොබාදහම සහ මනුස්ස ජීවිතය අතර තියෙන බැඳීම පෙන්නන ලස්සන කලාත්මක නිර්මාණයක්.

ජීවිතේ යථාර්ථය දකින්න කැමති, වෙනස්ම රසයක් හොයන ඔයාලා වෙනුවෙන්ම සිංහල උපසිරැසි නිර්මාණය කළා. මග නොහැර අනිවාර්යයෙන්ම බලන්න!

Comments

December 21, 2025

❤️