EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageEverybody has one hidden talent.
Tuner (2025/2026) කියන්නේ Crime, Drama සහ Thriller ගණයට අයිති, අලුත්ම වෙනස්ම විදියේ තේමාවකට හදපු සුපිරි ෆිල්ම් එකක්.
කතාව කෙටියෙන් මෙන්න:
ප්‍රධාන චරිතය වෙන නිකී (Leo Woodall) කියන්නේ පියානෝ වාදකයෙක් වෙන්න හීන දකින, ඒත් ශ්‍රවණ ආබාධයක් (Hyperacusis – ශබ්ද දරාගන්න බැරි ලෙඩක්) තියෙන තරුණයෙක්. මේ නිසා එයා හැමතිස්සෙම Earphones දාගෙන ඉන්නේ. හැබැයි මේ ලෙඩේ නිසාම එයාට ඕනෑම සියුම් ශබ්දයක් හොඳට ඇහෙනවා. එයා තමන්ගේ ගුරුන්නාන්සේ වෙන හැරී (Dustin Hoffman) එක්ක එකතු වෙලා පියානෝ ටියුන් කරන (Tuner) රස්සාව කරනවා.
දවසක් හැරීට තමන්ගේ සේප්පුවේ (Safe) පාස්වර්ඩ් එක අමතක වෙනවා. නිකී තමන්ගේ තියුණු ශ්‍රවණ ශක්තිය පාවිච්චි කරලා සේප්පුව ඇතුළේ තියෙන ශබ්ද අහලා ඒක ලෙහෙසියෙන්ම ඇරලා දෙනවා. එතනින් තමයි එයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ.
හැරී හදිසියේම අසනීප වෙලා ලොකු වෛද්‍ය බිලක් ගෙවන්න වුණාම, නිකීට සල්ලි හදිසි වෙනවා. මේ අතරේ එයාගේ මේ සුපිරි හැකියාව දකින හොරු කණ්ඩායමක්, සල්ලි තියෙන සල්ලිකාරයන්ගේ රහස් සේප්පු කඩන්න (Safecracking) නිකීව පාවිච්චි කරනවා. හැඟීම්බර ආදර කතාවකුත් එක්ක නිකී මේ අපරාධ ලෝකයේ අතරමං වෙන හැටි තමා කුතුහලයෙන් යුතුව මේ කතාවෙන් පෙන්වන්නේ.










