අහම්බෙන් ලැබුණ ලන්ඩන් ගමන

මං අද අරන් ආවෙ 2024 වසරේදී නිකුත් උන Upgraded කියන චිත්‍රපටයයි. IMDB දර්ශකයේ 6.1 අගයක් ද rotten tomatos හි 76% ක ඉතාමත් හොඳ අගයක් මේ චිත්‍රපටියට හිමි වෙලා තියෙනව.
ලෝකෙ දැනට rom-com genre එක ටිකෙන් ටික ආක්‍රමණය කරගෙන යන Amozon Prime Video හරහා තමයි මේකත් release කරන්නෙ. මේකෙ Director විදිහට කටයුතු කරන්නෙ අවුරුදු 36 ක Actress කෙනෙකුත් වෙන Carlson Young.
අපි Cast එක පැත්තට හැරුණොත් Ana Santos ලෙස සුරූපී නිළි Camila Mendes ද William ගේ චරිතයෙන් Archie Renaux සහ MCU හි Spider-Man චිත්‍රපටවල Aunt May විදිහට රංගනයෙන් දායක වුණ Marisa Tomei වත් බලාගන්න පුලුවන්.
Amazon MGM Studio හරහා මෙහි නිශ්පාදන කටයුතු සිදු කෙරුණු අතර ප්‍රධාන වශයෙන් ඇමරිකාව සහ එංගලන්තය යන රටවල් කේන්ද්‍ර කොටගෙන රූගත කිරීම් සිදුකරල තියෙනවා.
කතාව ගැන නම් මම කියන්න යන්නෙ නැ ඔයාලම බලල රස විඳින්න කියල ආරාධනා කරනවා..

Comments