EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅයියලා, මල්ලිලා, නංගිලා සහ මචංලා
ආයුබෝවන්, අද මම උණු උණුවෙම ඉදිරිපත් කරන්නෙ අද උදේ නිකුත් උන ඉතාම සරල ප්ලොට් එකක් තියෙන ලස්සනම ලස්සන කතාවක්. මේකෙත් ලොකු ලොකු තරු නෑ. පොඩි කොල්ලො සෙට් එකක් තමයි රඟපාන්නෙ. ඒත් සරලයි කිව්වට බලන්න IMDB අගය 8.3ක්. වියදම රුපියල් කෝටි 10ක් පමණයි. ආදායම කෝටි 235ක්. මේක තමා මලයාලම් ඉතිහාසයේ පස් වෙනි වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. ඒ වගේම කේරළය තුල පමණක් වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය පත් වෙන්නේ මෝහාන්ලාල්ගේ එම්පූරන් පවා පසු කරමින්. හිතා ගන්න පුළුවන්ද ලොකු ලොකු නම් නැති මේ චිත්‍රපටිය කේරළේ මලයාලින් අතර කොතරම් ජනප්‍රිය වෙලාද කියල? ඒ ඇයි කියන එක ඔබට මේක බැලුවම හිතා ගන්න පුළුවන්, මොකද මේකෙ කතන්දරය අපිට බොහොම ළඟින්ම යන එකක් නිසා.
VAAZHA BIOPIC OF BILLION BROS 2024 ඊට කලින් මම උපසිරැසියක් කාලා ඔබ නරඹන්න ඇති. ඒකටත් සැලකිය යුතු ප්‍රතිචාරයක් කේරළයේ මෙන්ම අප රටේ රසිකයින්ගෙත් ලැබී තිබුනා.මේ දෙවැන්න කෙලින්ම පළවැන්නට සම්බන්ධයක් නෑ. ඒත් මේකෙන් කියන්නෙත් තරුණයන් කීප දෙනෙකුගේ ළමා වියේ සිට තරුණ විය දක්වා විහිදෙන ඔවුන්ගේ ජීවිත කතාව. දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, මිතුරන්, ගුරුවරුන්, සමාජය, පාසල, වළි, ලව්, මත් පැන් එකී මෙකී සියළු දේ මේකට අන්තර් ගතයි. ඉති නමේ කියනවා වගේ බිලියනයක සහෝදරයින්ගෙ ජීවිත කතාව මේ. මේකෙ සිදු වෙන සිදු වීම් අඩුම ගාණෙ එකක් දෙකක් නැත්න්නම් බොහොමයක් ඔබේ ජීවිතයට සම්බන්ධව ඇති. ඒ නිසා තමයි මේ චිත්‍රපටය ජනප්‍රිය උනේ.
මේකෙ රඟපාන්නෙ නවක යොවුන් නළු නිළියන් රැසක්. ඔවුන්ගෙ රඟපෑම ගැන නම් කියල වැඩක් නෑ. අධ්‍යක්ශණය, කැමරා කරණය, සංගීතය ඉතා ඉහළින් තියෙනවා. ඒ කොහොම උනත් මේක බොහොම සරල කතාවක්.
මේක ජය ජය ජය හේ, ගුරුවායුර් අම්බල නඩයිල් කියන ජනප්‍රිය චිත්‍රපට දෙක්ක් අධ්‍යක්ෂක විපින් දාස් විසින් තිර රචනය කරන ලදුව සවින් එස් ඒ විසින් කුළුඳුලේ අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.අපූරුම දේ තමයි මේකෙ රඟපාන කොල්ලො සෙට් එකේ සැබෑ නම් චිත්‍රපටයේ චරිත සමග සසඳල බලන්න. ඔවුන් පෙනී සිටින්නෙ සැබෑ නම් වලින්මයි, හෂීර්, එච්, අලාන් බීන් සිරාජ්, අජින් ජෝයි, විනායක් වී, වේදා ශන්කර්, දේවරාජ්, බිජු කුට්ටන්, ඒන්ජල් මරියා, අජු වාගීස්, විජේ බාබු සමග ප්‍රේමම් චිත්‍රපට අධ්‍යක්ශක අල්පොන්සෝ පුත්‍රෙන්ද මේකෙ චරිත මවනවා.
ඉතිං එහෙන නම් නරඹන්න, මලයාලම් සිනමාවෙ මාස්ටර්පීස් එකක් හැටියට මේ කතාව ඉතිහාසයේ ලියවේවි. ඔබේ මතකයෙත් රැඳේවි. ඒ වගේම බලල නැත්තම් මේක බැලුවට පස්සෙ පළමු වැන්නත් බලන්න











