Vash (2023) | වශිය

 

අද ගෙනාවේ ගුජරාටි එකක්.. මේක බලලා තිබුනට ආයෙ මතකය අළුත් වුනේ මේ මෑතකදි ආපු අජේ දෙව්ගන්ගේ Shaitaan බලද්දි ටිකක් හුරු ගතියක් ආවා.. අන්තිමට හොයලා බලනකොට දැනගත්තා. මේ තියෙන්නේ ඒකේ ඔරිජිනල් කතාව ගුජරාටි ෆිල්ම් එකක් කියලා.. අන්න ඒක තමයි මේ… මම නම් හිතන්නේ ඔරිජිනල් නිර්මාණය ගොඩක් සාර්ථකයි කියලා IMDB අතින් ගත්තත් 8.3 ක් වගේ තියෙනවා. මම නම් කියන්නේ මේක අනිවාර්‍යෙන් ඔයාලගේ ලිස්ට් එකේ තියෙන්න ඕනෙ එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ, හින්දි එකෙයි ගුජරාටි එකෙයි ආර්යා කියන චරිතය රඟපාන්නේ Janki Bodiwala.. මම හිතන විදියට ඒ දෙකටම ඇයවම ගන්න ඇත්තේ ඇයගේ රංගනය නිසාම වෙන්න ඇති.

කතාව අතින් ගත්තොත් ආතර්වා කියන්නේ ගුවන් නියමුවෙක්. ඔහු තමාගේ බිරිඳයි පුතයි දුවයි එක්ක නිවාඩුවක් ගත කරන්න ෆාම් හව්ස් එකට යන අතරතුර හමුවෙන ප්‍රතාප් කියන මනුස්සයෙක් නිසා තම ජීවිතය වෙනස් වන හැටි ගැන තමයි.. කතාව කිව්වම ගතියක් නෑ ඔය ඇති…

Comments

June 13, 2024

ලාල් සලාම් original film එක ඕනේ.