ආයුබෝවන් යාළුවනේ_ 👋🤍
අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලට අරගෙන ආවේ 2026 මාර්තු 13 වෙනිදා තිරගත වුණු අලුත්ම දෙමළ දේශපාලන කතාවක් 🎬🔥 ඒ තමයි Vengeance සිංහල උපසිරැසි එක්ක.
රියැලිටි වැඩසටහනකින් හැමෝගෙම හිත දිනාගෙන, දැන් සිනමාවෙත් තනියම මුළු ෆිල්ම් එකම අරන් යන දක්ෂ නිළි Abarnathi ගේ ජීවිතේ වෙනස්ම කරපු ෆිල්ම් එකක් වෙයි කියලා හැමෝම කියන චිත්‍රපටිය තමයි මේක.
🎬 චිත්‍රපටයේ විස්තර:
Vengeance කියන්නේ 2026 මාර්තු 13 වෙනිදා ආපු දෙමළ දේශපාලන ෆිල්ම් එකක්. මේක Rahul Ashok ගේ පළවෙනි අධ්‍යක්ෂණය, කතාව ලිව්වෙත් එයාම තමයි. AC Productions එකෙන් A. P. Ashok Kumar තමයි හදන්නේ. ප්‍රධාන චරිතය කරන්නේ Abarnathi, එයා එක්ක Ilavarasu, John Vijay, J. Livingston, Y. G. Mahendran, Kaali Venkat වගේ පිරිසක් ඉන්නවා. කැමරාව M. S. Prabhu, කැපීම Imran, සින්දු ටික Karthik Raja ගෙන්, පසුබිම් සංගීතය AGR ගෙන්. ෆිල්ම් එකේ වෙලාව පැය දෙකයි විනාඩි විසි නවයයි.
📖 කතාව පැත්තට යමු…
Abarnathi කියන්නේ පොඩි කාලේ ඉඳන්ම “මාව කවුරුවත් ගණන් ගන්නේ නෑ” කියන පොඩි අඩු මානසිකත්වයකින් හිටපු කෙල්ලෙක්. හැමෝගෙම අවධානය තමන් දිහාට හරවගන්න ඕන නිසා, එයා 10 වසරේ විභාගයෙන් තමිල්නාඩු ප්‍රාන්තයෙන්ම පළවෙනියා වෙනවා.
ඒත් ඒ ප්‍රසිද්ධිය ටික දවසයි. ඊට පස්සේ එයා හිතනවා හැමදාම හැමෝම තමන් දිහා බලන තැනකට යන්න ඕන කියලා. ඒ හීනෙත් එක්ක එයා හොඳටම මහන්සි වෙලා කෙලින්ම දිස්ත්‍රික් ලේකම් කෙනෙක් වෙනවා. 👊
ඒ තනතුරට ආවට පස්සේ තමයි නියම කතාව පටන් ගන්නේ. කාටවත් බය නැතුව, කිසිම දේශපාලන බලපෑමකට යට නොවී එයා ගන්න තද තීරණ නිසා මුළු දේශපාලන පැත්තම දෙවනත් වෙනවා.
ඒ නිසා එක තැනකදි එයාගේ රස්සාවම නැතිවෙන තරමට ලොකු ප්‍රශ්නයක් එනවා. හැමෝම හිතන්නේ එයාගේ කතාව එතනින් ඉවරයි කියලා.
ඒත් නෑ. එයාගේ ඒ අවංකකම, දක්ෂතාවය දැකලා ආණ්ඩුවෙන්ම එයාට වෙන කාටවත් දෙන්න බැරි තරම් ලොකු, රහසිගත වගකීමක් ලැබෙනවා.
ඒ වගකීම මොකක්ද? තමන්ට අසාධාරණයක් කරපු දේශපාලන සෙල්ලමට Abarnathi පලිගන්නේ කොහොමද? අන්තිමට එයා මේ පලිගැනීම ඇතුලේ දිනනවද? කියන එක තමයි මුළු ෆිල්ම් එකම.
මේක 100%ක්ම Abarnathi ගේ තනියම කරන දක්ෂ රඟපෑමක්. එයාගේ ඒ ගැම්ම, ගාම්භීර පෙනුම, වැටුනත් ආයේ නැගිටින විදිය අපිවම ෆිල්ම් එක ඇතුලට අදිනවා. John Vijay නම් අපි දන්න කියන දේශපාලඥයෙක්වම මතක් කරනවා. Ilavarasu, Livingston, Kaali Venkat වගේ හැමෝම තමන්ගේ චරිත හොඳටම කරලා තියෙනවා.
Rahul Ashok ගේ පළවෙනි අධ්‍යක්ෂණය වුණත් හොඳ දේශපාලන කතාවක් තෝරගෙන තියෙනවා. M. S. Prabhu ගේ කැමරා වැඩෙයි, Karthik Raja ගේ සංගීතයයි ෆිල්ම් එකට ලොකු හයියක්.
ඉතින්, වෙනස්ම කතාවක්, අන්තිම වෙනකන් කුතුහලය තියෙන Vengeance (2026) සිංහල උපසිරැසි එක්ක බලන්න දැන්ම අපේ cinesubz.lk වෙබ් අඩවියට එන්න 💻
බලලා ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 🌻

Comments

September 17, 2026

Good