CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vimanam (2023) | “පුතේ හොඳට ඉගෙන ගන්න”

අද මම අරන් ආවෙ පසුගියදා ZEE5 හරහා නිකුත් උනු IMDB අගය 7.1 ක් සහ ගූගල් මනාප 100%ක් හිමිකරගත් “විමනම්” තෙලුඟු චිත්‍රපටයයි මෙය අධ්‍යක්ෂණය කලේ Siva Prasad Yanala මේ ඔහුගේ කුළුඳුල් චිත්‍රපටයයි….

මේ චිත්‍රපටයේ ” විමනම් ” යන්නෙන් අදහස් වෙන්නෙ ගුවන් යානය යන්නයි ඉතින් හිතාගන්න පුලුවන් ඇති මේක ප්ලේන් එකක් සම්බන්දෙන් තීන ෆිල්ම් එකක් කියලා නෑ ඔයාලා එහෙම නොහිතනවානම් තමයි හොඳ මේක ඊට වඩා ගැඹුරුඅර්ථයක් තියෙන ෆිල්ම් එකක් මේ චිත්‍රපටයේ අපිට ප්‍රධාන චරිතය විදිහට දැකගන්න ලැබෙන්නෙ Samuthirakani ව

මෙයානම් තාත්තාගේ චරිතයට උපන් හපන්කම් දක්වන කෙනෙක් කියලා පල්ලෙහා තීන චිත්‍රපට දැක්කාම හිතාගන්න පුලුවන් ඇති………..
Appa – 2016
Don – 2022
VIP – 2014
Chithirai Sevvaanam – 2021

ඒනම් කතාව පැත්තට යමු…………….

කියන්න ඕනේ මේක ගොඩාක් සංවේදී කතාවක් මීටකලින් දැකලා නැති විදිහෙ චිත්‍රපටයක් ආසාවෙන් බැලුවත් අන්තිම වෙද්දි ඇස් දෙකට කඳුලක් එන චිත්‍රපටයක් ඔයාලා බලලම ඒක විඳින්න කියලා මම කියනවා…..

රාජු කියන්නෙ අහින්සක හොඳට ඉගෙනගන්න ලමයෙක් වීරයියා කියන්නෙ එයාගෙ තාත්තා වීරයියාට තියෙන්නෙ තනි කකුලකුයි රෝද පුටුවකුයි පුංචි ගේකුයි විතරයි මෙයා ජීවත් වෙන්න කරන්නෙ ටොයිලට් බලාගන්න එක මෙයා මෙයාගෙ පුතාට ගොඩාක් ආදරෙයි ඒ ආදරේ නිසාම සමහරක් දේවල් එයාට දරාගන්න බෑ කියලා පෙනෙයි එයා හැමදිස්සෙම එයාගෙ පුතාට කියන්නෙ එකම දෙයයි.

” පුතේ හොඳට ඉගෙනගෙන ලොකු උනාම ෆයිලට් කෙනෙක් වෙලා මාව ප්ලේන් එකකට නග්ගන්න පුතේ”

Comments