Cast
Go Full Cast PageMission failed. Reset.
අලානා කියන්නේ ATIC කියන විශේෂ ආරක්ෂක බළකායට බැඳෙන්න හීන දකින කෙල්ලෙක්. මේකට තේරෙන්න නම් අතත්‍ය ලෝකෙක (Simulated) නිර්මාණය කරපු ත්‍රස්තවාදී ප්‍රහාරයක් නියමිත විදිහට නවත්තන අමාරු පුහුණු පරීක්ෂණයක් පාස් වෙන්නම ඕනේ. හැබැයි මේ පුහුණුව ඇතුළේ ත්‍රස්තවාදීන්ව නවත්තන්න නම් පොතේ තියෙන නීති රීතිවලට පිටින් යන්න වෙන බව තේරුම් ගන්න අලානා, එකම දේ ආයෙ ආයෙත් කරමින් (Time Loop / Reset) හරි පාර හොයාගන්න දරන උත්සාහයත්, ඒ අමුතු පුහුණුව පිටිපස්සේ තියෙන ඇත්තම රහසත් එක්ක මුළු කතාවම දිගහැරෙනවා.
Marianna Dean අධ්‍යක්ෂණය කළ, Zoe Cunningham, James Cosmo (Game of Thrones කතාමාලාවේ Jeor Mormont ලෙස රඟපෑ), Billy Price සහ Eloise Lovell Anderson ඇතුළු පිරිසක් රඟපාන මේ 2026 මැයි 26 වෙනිදා නිකුත් වූ UK Sci-Fi, Thriller චිත්‍රපටය The Final Run (හෝ The Simulation) ලෙස හැඳින්වෙනවා. එකම පරිසරයක් ඇතුළේ කතාව ගලාගෙන ගියත්, Time Loop සංකල්පය සහ හැංගුණු රහස් එක්ක කුතුහලය තියාගෙන පැය එකහමාරක් පුරා කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් පට්ට Sci-Fi ත්‍රිලර් එකක්.




