කාන්තා ඝාතන

ඊළඟට අපි යමු 2025 අවුරුද්දේ ජූලි මාසයේ රිලීස් වුණු සුපිරි ප්‍රංශ Thriller / Drama චිත්‍රපටියක් පැත්තට. ඉංග්‍රීසියෙන් Vultures කියලත් හඳුන්වන මේ ෆිල්ම් එකේ නම Rapaces (Vultures) (රපාසෙස්). Peter Dourountzis ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේක, කුතුහලය පිරුණු විමර්ශනයක් වටා ගෙතුණු කතාවක්.
සැමුවෙල් (Sami Bouajila) කියන්නේ පත්තරේක වැඩ කරන දක්ෂ මාධ්‍යවේදියෙක්. එයාගේ දුව, ආවා (Mallory Wanecque) වැඩ කරන්නෙත් එයාගෙම යටතේ ඉන්ටර්න් කෙනෙක් විදිහට. මේ දෙන්නට ලැබෙනවා එක දරුණු මිනීමැරුමක් ගැන තොරතුරු වගයක්. ඒ තමයි තරුණ ගැහැණු ළමයෙක්ට ඇසිඩ් ගහලා කරලා තියෙන කෲර ඝාතනයක්. මේ සිද්ධිය ගැන හොයන්න ආවා දක්වන උනන්දුව නිසාම, සැමුවෙල් තීරණය කරනවා පත්තරේ ප්‍රධානීන්ටත් හොරෙන් මේ ගැන තනියම හොයලා බලන්න.
මේ විමර්ශනය ඉස්සරහට යද්දී, මීට අවුරුද්දකට කලින් වුණු තවත් මේ වගේම ඝාතනයක් එක්ක මේකෙ සම්බන්ධයක් තියෙනවා කියලා මෙයාලට තේරෙනවා. මේ පාරවල් ඔක්කොම යන්නේ ‘Nemesis’ කියලා හඳුන්වන අභිරහස් පුද්ගලයෙක් මෙහෙයවන පිරිමි ආධිපත්‍යය පතුරවන අන්තවාදී කල්ලියක් ගාවට. තමන්ගේ ජීවිතේ පවා අනතුරේ දාගෙන යුක්තිය වෙනුවෙන් සටන් කරන පියෙකුගේ සහ දුවෙකුගේ බැඳීම වගේම, මේ කල්ලියේ ඇත්ත ස්වරූපය ලෝකෙට හෙළි කරන හැටි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.
පැය 1යි විනාඩි 43ක් පුරා දිවෙන මේ කතාව, Thriller සහ Crime ෆිල්ම් වලට ආස කරන අයට උපරිම වින්දනයක් දෙන නිර්මාණයක් වේවි.

Comments

August 23, 2026

Good