EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ගොම්මන් වෙලාවේ භීෂණය යළිත්

පළවෙනි කතාව ඔයාලට මතක ඇතිනේ? ජාතිජාජර් ගමේ හිටපු ආදි, සමාන්, සහ ආයු කියන ළමයි එයාලගේ ගුරුතුමියට ගොඩක් තරහින් ශාප කරනවා. හැබැයි මේක කරන්නේ හරියටම ඉර බහින වෙලාවට. ඒ ශාපයත් එක්ක ගුරුතුමිය අද්භූත විදිහට මැරෙනවා විතරක් නෙවෙයි, ජින් උම්මු සිබ්යාන් කියන භයානක අමනුෂ්‍ය බලවේගය ඒ ළමයින්ගේ පස්සෙන් එන්න ගන්නවා. ඉර බහින වෙලාවට එළියේ ඉන්න එපා කියන අපේ සංස්කෘතීන්ටත් ගොඩක් කිට්ටු කතාවක් නිසා පළවෙනි ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා.
දැන් දෙවෙනි කොටස ගැන කතා කරමු. මේ අලුත් කතාව පටන් ගන්නේ අර කලින් සිද්ධිය වෙලා අවුරුදු 20කට පස්සේ. හැබැයි මේ පාර ත්‍රාසය පිරුණු සිද්ධි දාමය වෙන්නේ ගිරිතිර්තෝ කියන අලුත්ම ගමක. යෝගෝ, දේවෝ, වුලන් සහ තවත් ළමයි 5 දෙනෙක් පාපන්දු මැච් එකකදී අනිත් කණ්ඩායමත් එක්ක ලොකු රණ්ඩුවක් දාගන්නවා. මේ රණ්ඩුවෙන් පැරදුණු ළමයි ටික ගොඩක් කේන්තියෙන් ගමට එන්න පිටත් වෙන්නේ හරියටම අර භයානක මග්රිබ් වෙලාවෙමයි.
ගෙදර යන ගමන් තරහට මේගොල්ලෝ අර දිනපු කණ්ඩායමට ලොකු විනාශයක්ම වෙන්න කියලා ශාප කරනවා. ඒ ළමයි දැනගෙන හිටියේ නැහැ තමන්ගේ කටින් කියවුණු දේ නිසා අර අවුරුදු 20කට කලින් ජාතිජාජර් ගමේ වුණා වගේම ලොකු විනාශයකට ආයෙමත් පාර කැපුණා කියලා. මේ පාර තත්ත්වය ඊට වඩා ගොඩක් භයානකයි. මහ රෑ, ඝන සීතල කැලෑවක්මැ දදී අර දරුණු උම්මු සිබ්යාන් මේ ළමයින්ගෙන් එක්කෙනෙක්ගේ ශරීරයට ආවේශ වෙලා අනිත් ළමයි ටිකව කිසිම අනුකම්පාවක් නැතුව දඩයම් කරන්න පටන් ගන්නවා.
පළවෙනි කතාව බැලුවා නම් ඔයා දන්නවා මේකේ තියෙන ත්‍රාසය කොහොමද කියලා. දෙවෙනි එක ඊට වඩා ගොඩක් දරුණුයි වගේම කැලේ මැදදී ළමයෙක්ට ආවේශ වෙලා අනිත් අයව දඩයම් කරන සීන් එක නම් හුස්ම හිරවෙන තරමට කුතුහලයෙන් බලන්න පුළුවන් කියලා විශ්වාසයි.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

Comments