කැළේ සෙල්ලම්..

ඔන්න අදත් ගෙනාවා කට්ටියටම හිනාවෙලා ආතල් එකක් ගන්න පුළුවන් සුපිරිම බොලිවුඩ් ෆිල්ම් එකක්. ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු “Welcome” ෆිල්ම් සීරීස් එකේ අලුත්ම ෆිල්ම් එක තමයි මේ Welcome to the Jungle කියන්නේ.
මේකේ ඉන්න නළු නිළි සෙට් එක දැක්කාම ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අක්ෂේ කුමාර් (Akshay Kumar), සුනිල් ෂෙට්ටි (Suniel Shetty), සංජේ දත් (Sanjay Dutt), අර්ෂඩ් වාර්සි වගේ සුපිරිම බොලිවුඩ් තරු ගොඩක් එක්ක ලස්සන නිළියො සෙට් එකකුත් මේකට රංගනයෙන් දායක වෙනවා.
2026 ජූනි මාසේ රිලීස් වුණු මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ නම් 4.6/10 ක රේටින් එකක් තමයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ බොලිවුඩ් මසාලා කොමඩි ෆිල්ම් වලට රේටින්ග්ස් ටිකක් අඩු වුණාට, කම්මැලිකමක් නැතුව පවුලේ හැමෝටම එකට ඉඳගෙන හිනා වෙවී බලන්න පුළුවන් නියම ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. පැය තුනකට කිට්ටු වෙන්න තියෙන නිසා ඇක්ෂන් වගේම කොමඩිත් අඩුවක් නැතුවම බලාගන්න පුළුවන්.

Comments

August 9, 2026

meka danne nedda orginal

August 25, 2026

Dc film eka ome