EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

606 මාවතේ මාරක ශාපය…

නත්තල් නිවාඩුවට ගෙදර යන්න වාහනයක් හොයන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට, ඇයත් එක්කම ඉගෙන ගන්න තරුණයෙක් තමන්ගේ වාහනයෙන් ඇයව එක්කන් යන්න කැමති වෙනවා. හැබැයි ගමන මැදදී මේ තරුණයා ප්‍රධාන පාරෙන් අයින් වෙලා, “කෙටි පාරක්” කියලා පාළු, හිමෙන් වැසුණු පාරකට වාහනය දානවා.
​ඔය අතරේ සිද්ධ වෙන අනතුරකින් ඔවුන්ගේ වාහනය හිම කන්දක හැපිලා හිරවෙනවා. දැඩි සීතලේ, කිසිම උදව්වක් නැතිව රෑ පුරා වාහනය ඇතුළට වෙලා ඉන්න මේ දෙන්නට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය සීතලකට විතරක් නෙවෙයි. ඒ පාරේ අතීතයේදී සිද්ධ වුණු අභිරහස් මරණවල හොල්මන් සහ දූෂිත පොලිස් නිලධාරියෙකුගේ බිහිසුණු ආත්මය ඔවුන්ව දඩයම් කරන්න පටන් ගන්නවා.
​ජීවිතයත් මරණයත් අතර සටනක හිරවුණු මේ දෙන්නට මේ මාරක සීතලෙන් සහ අද්භූත බලවේගවලින් බේරිලා තමන්ගේ ගමනාන්තයට යන්න පුළුවන් වෙයිද? බලලම දැනගන්නකෝ!
නරඹන්නන්ගේ අවධානයට,
​මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන බැවින් කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ.

Comments