එක්ස්-මෙන් ආරම්භය

ඔන්න අද මම අරන් ආවේ 2011 අවුරුද්දේ නිකුත් වුණු, Marvel ලෝලීන් හැමෝම බලන්න ඕන පට්ටම Superhero ෆිල්ම් එකක් අරගෙනයි!
මේ X-Men ෆිල්ම් සෙට් එකේ පස් වෙනි ෆිල්ම් එක. මම හිතනවා කලින් ෆිල්ම් ටික බලලා ඇති කියලා. හරි එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු.
කතාව පැත්තට ගියොත්, මේක සිද්ධ වෙන්නේ 1962 සීතල යුද සමයේදී. තරුණ චාල්ස් සේවියර් (Professor X) සහ එරික් ලෙන්ෂර් (Magneto) කියන හොඳම යාළුවෝ දෙන්නා එකතු වෙලා, ලෝක න්‍යෂ්ටික යුද්ධයක් ඇති කරන්න හදන සෙබස්තියන් ෂෝ කියන විලන්ව නවත්තන්න අලුත් Mutants කණ්ඩායමක් හදනවා.
හැබැයි මේ මෙහෙයුමත් එක්කම, දෙන්නගේ මතවාද සහ අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් වීම නිසා මේ හොඳම යාළුවෝ දෙන්නා එකිනෙකාට විරුද්ධවාදීන් බවට පත්වෙන විදිය තමයි කතාව පුරාම කුතුහලයෙන් දිගහැරෙන්නේ.
X-Men ලාගේ ආරම්භය ගැන දැනගන්න ආස හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕන සුපිරිම ෆිල්ම් එකක්! තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments