EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මරණයේ අනාවැකිය

“You Will Die in 6 Hours” කියන්නේ 2024 වසරේ නිකුත් වුණු කොරියානු thriller mystery ශානරයට අහිති චිත්‍රපටියක්. 2008 දි විකාශය වුන Takano Kazuaki ගෙ 6-jikan Go ni Kimi wa Shinu කියන ජපන් නාට්‍යානුසාරයෙන් නිර්මාණය වුන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Yun-seok, තිර රචනයත් ඔහුමයි. ප්‍රධාන රංගනයෙන් Park Ju-hyun වගේම Jae Hyun වගේ නළු නිළියන් දායක වෙනවා.
කතාව ගැන කියනව නම්,
මේ කතාව ගෙතෙන්නෙ සාමාන්‍ය ජීවිතයක් ගත කරන එක තරුණියක් වටා. එක දවසක් එයාට හදිසියේම අභිරහස් මනුස්සයෙක් මුණගැහෙනවා, ඒ මනුස්සයා එයාට කියනවා “පැය 6ක් ඇතුළත ඔයා මැරෙනවා” කියලා. මුලින්ම එයා මේක විහිළුවක් හරි බයගැන්වීමක් හරි කියලා හිතුවත්, ටිකෙන් ටික සිද්දවෙන දේවල් නිසා එයාට තේරෙන්න ගන්නවා මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා.
ඉතින් කාලය ක්‍රමයෙන් ගෙවෙද්දි, එයා තමන්ගෙ ජීවිතේ බේරාගන්න උත්සාහ කරන අතරම මේ අනතුරු ඇඟවීම පිටිපස්සෙ තියෙන ඇත්ත සත්‍යය හොයන්න පටන් ගන්නවා. ඒ අතරේ සැකය, බය, වගේම විශ්වාසය අතරේ එයාව හිර වෙනවා. තමන්ට මුණගැහෙන හැම කෙනාවම සැක කරන එයා කාලයට එරෙහිව තනියම දුවන්න ගන්නවා.
එයාට ඉතුරු පැය හයේදි එයාගෙ ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද??
ඒ අනාවැකිය ඇත්තක් වෙයිද??

Comments