පිය සෙනෙහස

මේකේ ප්‍රධාන චරිතය වෙන ‘ලතීෆ්’ කියන්නේ කලින් හමුදාවේ හිටපු, දැන් කුලියට මිනී මරන (Hitman) කෙනෙක්. එයාගේ බිරිඳ හදිසියේම මියගියා කියලා දැනගන්න ලැබුණම, එයා තමන්ගේ දරුවෝ තුන්දෙනාව බලාගන්න ගෙදර එනවා. හැබැයි එයාගේ අලුත උපන් කිරි දරුවාට පිටිකිරි දිරවන්නේ නැති නිසාත්, කලින් එකතු කරපු මව්කිරි ඉවර වේගෙන යන නිසාත් ලතීෆ් ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා. තමන්ගේ කිරි දරුවාගේ බඩගින්න නිවන්න මව්කිරි හොයාගන්න කරන අරගලය අතරතුරේදී, එයාට තමන්ගේ ලොක්කා වෙන මයික්ගෙන් අලුත් මිනීමැරුම් කොන්ත්‍රාත්තුවකුත් ලැබෙනවා. බිරිඳ නැති සංවේදී මොහොතක දරුවන්ව රැකබලා ගන්න ගමන්, මේ භයානක අපරාධ ලෝකයේ ප්‍රශ්නවලට ලතීෆ් මුහුණ දෙන විදිහ තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.

Comments