Zom 100 Bucket List of the Dead (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Yusuke Ishida
Cast
Go Full Cast PageWhen zombies flooded the town, a bright light shined into my dark life!
මේ කතාව ගෙතෙන්නේ අකිරා ටෙන්ඩෝ (Akira Tendo) කියන තරුණයා වටා. අකිරා ලොකු බලාපොරොත්තු තියාගෙන අලුත් කම්පැනි එකක රස්සාවකට යනවා. හැබැයි ඒක “Black Company” එකක් (ඒ කියන්නේ සේවකයන්ගෙන් මැරෙනකම් වැඩ ගන්න, නිවාඩු නැති, බොස්ලා බැන බැන වැඩ ගන්න තැනක්).
අවුරුදු තුනක් තිස්සේ එක දිගට නිදිමරාගෙන වැඩ කරලා අකිරාට ජීවිතේම එපා වෙලා, හරියට “පණ තියෙන මළමිනියක්” (Zombie කෙනෙක්) වගේ තමයි එයා ජීවත් වෙන්නේ.
ඔහොම ඉද්දි එක දවසක් උදේ නැගිටලා බලද්දී මුළු ටෝකියෝ නගරයම Zombies ලාගෙන් පිරිලා! මිනිස්සු පණ බේරගන්න දුවද්දී, අකිරාට මතක් වෙන පළවෙනි දේ තමයි “අද ඉඳන් මට ආයේ ඔෆිස් යන්න ඕනේ නෑ නේද!” කියන එක.
මිනිහාට දැනෙන්නේ පුදුම සතුටක්. ඉතින් අකිරා තීරණය කරනවා තමන් Zombie කෙනෙක් වෙන්න කලින්, ජීවිතේ කරන්න ආසාවෙන් හිටපු දේවල් 100ක් ලියලා පොතක් හදාගන්න (Bucket List). ඊට පස්සේ ඒ ලිස්ට් එකේ තියෙන දේවල් එකින් එක සම්පූර්ණ කරන්න එයා යන ගමන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.










