100 Days of Deception (2026) TV Series | S01 | EP01-03 | Incomplete
IMDb: 8.8
Year:2026
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-03 ✅
Episode 04-16 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Pageකතාව සිදුවන්නේ 1932 ජපන් යටත් විජිත සමයේ ග්යොන්සොන්ග්(Gyeongseong - වත්මන් සෝල්) නගරයේ පසුබිමකයි. ලී ගා-ග්යොං කියන්නේ ග්යොන්සොන්ග් හි ඉන්න දක්ෂතම පික්පොකට්කාරියක් වගේම සූක්ෂම වංචාකාරියක්. එයාගේ එකම සිහිනය කොහොමහරි සල්ලි ටිකක් එකතු කරගෙන ජොසොන් රාජ්යයෙන් පලා ගිහින් අමෙරිකාවේ අලුත් ජීවිතයක් පටන් ගන්න එකයි. නමුත් එයාගේ මේ සිහිනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාට අහම්බෙන් නිදහස් අරගල ව්යාපාරයේ විශේෂ මෙහෙයුමකට එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒ අනුව, ජපන් ආණ්ඩුකාර කාර්යාලයේ පරිවර්තකයකු ලෙස දින 100ක කාලයකට රහසිගතව (Undercover) ඇතුළු වෙන්න ඇය එකඟ වෙනවා. ඔන්න ඔතැනදී තමයි එයාට කිම් තේ-උං / සාතෝ හිඩියෝ මුණගැසෙන්නේ. එයා ජපන් පරිපාලන ලේඛම්ගේ (ආණ්ඩුකාරවයාට පසු ජොසොන් වල බලගතුම පුද්ගලයා) සාතෝ ෂිනිචිගේ හදාගත් පුතා වගේම ඉතාමත් දක්ෂ පරිවර්තකයෙක්. යටත් විජිත රජයේ රහස්, දේශපාලන කුමන්ත්රණ සහ සැඟවුණු පක්ෂපාතීත්වයන් මැද මේ දෙදෙනාගේ ජීවිත එකිනෙකට පැටලෙනවා. ඔත්තු බැලීම්, මරණීය අනතුරු සහ කොරියානු නිදහස් අරගලයේ දැවෙන ගිනිදැල් මැද, දින 100ක මේ ව්යාජ රංගනය ඔවුන්ගේ ජීවිත මොනවගේ තැනකට අරන් යයිද කියන එක මේ කතා මාලාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ප්රධාන චරිත සහ රංගනය (Cast) *Kim You-jung – ලී ගා-ග්යොං ලෙස *Park Jin-young – කිම් තේ-උං / සාතෝ හීඩියෝ ලෙස *Kim Hyun-joo – යූ සො-රාන් ලෙස *Lee Moo-saeng යූ පිලිප් ලෙස *Jin Seon-kyu – සාතෝ ෂිනිචි ලෙස නිර්මාණ දායකත්වය (Production) *තිර රචනය: Ryu Bo-ri *අධ්යක්ෂණය: Yoo In-shik (Dr. Romantic, Extraordinary Attorney Woo හි අධ්යක්ෂවරයා) සහ Kim Yoon-jin 1932 ජපන් යටත් විජිත සමයේ අඳුරු සෙවනැලි මැද, බොරුවක් මුල් කරගෙන ආරම්භ වන මෙම ගමන ප්රේමයෙන්, ත්රාසයෙන් සහ දේශපාලන උගුල්වලින් පිරී ගිය කතාවක්, ලී ගා-ග්යොං සහ කිම් තේ-උං ගේ මෙම දින 100ක රහසිගත සටනින් ජයගන්නේ කවුද? ඔවුන්ගේ සැබෑ අරමුණු ඉටු කරගන්නට පුළුවන් වෙයිද, නැත්තන් මේ සියලු රැවටිලි එයාලව මරණීය උගුමකට හසු කරාවිද? මේක එක් ආදර කතාවකට වඩා එහා ගිය, ජාතියක නිදහස් අරගලය සහ මිනිස් සබඳතාවල සංකීර්ණත්වය මනාව පෙන්නුම් කරන විශිෂ්ට නිර්මාණයක්.
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ තරිදු දිසානායක විසින්.
Share
You May Also Like
Comments



















