Azure Spring (2026) TV Series | S01 EP01-02 | Incomplete
Year:2026
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-02 ✅
Episode 03-06❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Pageවිශේෂයෙන්ම K-Pop රසිකයින්ටනම් මේක සුවිශේෂී වෙනවා, මොකද කවුරුත් ආදරය කරන Red Velvet කණ්ඩායමේ Yeri මේකේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නිසා. Kang Sang-jun තමයි අනිත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. MBN+ නාලිකාව හරහා විකාශනය වන මේ කතාමාලාව කොටස් 6කින් විතරක් සමන්විත නිසා කිසිම කම්මැලිකමක් නැතුව බලලා ඉවර කරන්න පුළුවන්.
සාරාංශය – SUMMARY
අන්-නා කියන්නේ ලොකු හීන ගොඩක් එක්ක හිටපු, ඉස්සරහට යන්න හදපු දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවක්. හැබැයි හිතපු නැති විදියට වෙන අනතුරක් නිසා එයාගේ ඒ හීන ඔක්කොම වතුරේ යනවා. ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු කඩවීමකින් ඉන්න එයා අන්තිමට තීරණය කරනවා එයාගේ අම්මගේ ගමට යන්න.
ගමේදි එයාට හම්බවෙනවා දොක්-හ් යොන් ව. මෙයා නිකම්ම නිකන් කෙනෙක් නෙවෙයි, කලින් හමුදාවේ විශේෂ කාර්ය බලකායක වැඩ කරපු කෙනෙක්. හැබැයි එයාගේ ඇතුළෙත් කාටවත් නොකියපු ලොකු කතාවක්, අතීතයේ වෙච්ච සිදුවීමක් නිසා ඇතිවුණ ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා.
මේ විදියට ජීවිතේ තුවාල වුණු මේ දෙන්නා එකතු වෙලා අලුත් ගමනක් යන්න පටන් ගන්නවා. ඒ තමයි මුහුද පතුළට කිමිදිලා මුහුදු ආහාර එකතු කරන රස්සාවට (Haenyeo / Haenam) යොමු වෙන එක.
🔹මේ සීතල මුහුදු වතුරට පුළුවන් වෙයිද මෙයාලගේ හිතේ තියෙන වේදනාවන් සනීප කරන්න?
🔹දොක්-හ් යොන් ගේ අතීතයේ හැංගිලා තියෙන ඒ භයානක රහස මොකක්ද?
🔹මේ කඩා වැටුණු තරුණ ජීවිත දෙක ආයෙමත් ගොඩනැඟෙයිද?
කාර්යබහුල දවසක මහන්සිය නිවාගන්න, ඒ වගේම ප්‍රශ්න නිසා හෙම්බත් වෙලා තියෙන හිතට සැනසිල්ලක් ගෙනෙන මේ අපූරු කතාමාලාව නිදහසේ රසවිඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
















