Doctor Slump යන දකුණු කොරියානු ටෙලි කතා මාලාව 2024 ජනවාරි මස 27 වෙනිදා සිට මාර්තු 17 වෙනිදා දක්වා සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම විකාශනය වෙයි. මෙය Comedy, Romance, Drama හා Medical යන ශානරයන්ට අයත් වන අතර Weightlifting fairy Kim Bok Joo, The one and only හා Find me in your memory වැනි රසිකයන් අතර ජනාදරයට පත් කොරියානු කතා මාලා අධ්‍යක්ෂණය කර අධ්‍යක්ෂක Oh Hyun Jong විසින් මෙම Doctor Slump කතා මාලාව අධ්‍යක්ෂණය කර ඇත.

CAST – චරිත

Park Hyung Sik (Yeo Jeong Woo ලෙසින්)

Strong woman Do Bong Soon, Happiness, Hwarang, Suits හා Our blooming youth යන කොරියානු කතාමාලා සඳහා මොහු රංගනයෙන් දායක වී ඇත.

Park Shin Hye (Nam Ha Neul ලෙසින්)

The heirs, Pinocchio, Heartstrings, Doctors, Sisyphus the myth හා You are beautiful යන කොරියානු කතාමාලා සඳහා මැය රංගනයෙන් දායක වී ඇත.

Summary – සාරාංශය

Yeo Jeong Woo ඔහුගේ පාසල් කාලයේදි හැම වෙලාවෙම ශාස්ත්‍රීය අංශයෙන් ප්‍රථම ස්ථානයට පත් වෙනවා වගේම ඔහු අධ්‍යාපනය ලැබුවේ රටේ ඉහළම වෛද්‍ය විද්‍යාලයෙන්. Jeong Woo දැන් ජනප්‍රිය ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහුගේ ජීවිතය හරිම ලස්සනය ගලාහෙන ගියත්, අද්භූත වෛද්‍ය අනතුරක් නිසා ඔහුගේ ජීවිතය කෙළවරට තල්ලු වෙනවා. මේ වෙලාවේ එයාට Nam Ha Neul ව හම්බ වෙනවා. ඇය ඔහුගේ අතීතයේ හතුරෙක් වගේම ඔහුට ඇයව මුණගැසෙන්නේ ඔහුගේ ජීවිතයේ පහත්ම අවස්ථාවේදි.

Ha Neul නිර්වින්දන වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. ඇය පොඩි කාලේ මිනිස්සු එයාට කිව්වේ දක්ෂයෙක් කියලා. ඇය මහන්සි වෙලා ඉගෙන ගෙන වෛද්‍යවරියක් වුණා. ඇයගේ ජීවීතේ තියෙන්නේ රස්සාවයි ඉගෙන ගන්න එකයි විතරයි. ඇයට විනෝදය අත්විඳීමට වෙලාවක් නැහැ. දවසක්, Ha Neul තේරුම් ගන්නවා ඇය තම ජීවිතය ගැන සතුටු වෙන්නේ නැහැ කියලයි ඇයට වෙනස් වෙන්න ඕනා කියලයි. මේ අවස්ථාවේ, ඇයට Jeong Woo ව මුණගැසෙන්නේ ඇයගේ ජීවිතයේ නරකම අවස්ථාවකදී. ඔවුන් එකිනෙකා සනසවන අතර ඔවුන් අතර ආදර සබඳතාවයක් දළු ලා යනවා.

ඉතින් මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,

– හංසන හෙට්ටිආරච්චි –

Comments

April 11, 2024

Thank you so much meke enakan balan hitiye

April 11, 2024

Is remaining 2 episodes comming soon

April 14, 2024

Anthima episode 2 th denna

April 16, 2024

Sinhala sub eka yanne tikak parakku vela ne episode 7 veni eke idan ai e