CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Gen V (2023) TV Series | S01 & S02 | Complete

Gen V (2023) TV Series | S01 & S02 | Complete

Sep. 28, 2023
Your rating: 0
7.6 12 votes

TV Series Info

 

සුපිරි වීරයෝ ගැන අපෙ ඔලුවල මැවිල තිබ්බ ප්‍රතිරූපේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු කතා මාලාවක් විදිහට The Boys නම් කරන්න පුලුවන්. එකම තාලේ කොමික් චිත්‍රපට/ ටීවි කතා මාලාවන් නරඹලා හති වැටිලා උන්නු රසිකයින්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් Eric Kripke විසින් 2019 දි The Boys හරහා අරන් ආවා. මේ වෙනස නිසාම අතිශය ජනප්‍රිය වුණු මේ විශ්වය තවත් පුලුල් කරන්න Amazon Prime Video දෙපාරක් හිතුවෙ නෑ. ඒ ප්‍රතිපලයක් විදිහටයි ඊයෙ පෙරේදා Gen V නමින් අලුත්ම ලයිව් ඇක්ශන් කතා මාලාවක් නිකුත් වුණේ. The Boys විශ්වයෙ නිකුත් කළ තුන්වෙනි ස්පින් ඕෆ් එක තමයි මේ.

ප්‍රචණ්ඩත්වයට සහ සීමා නැති ලිංගික නිරුවත් දර්ශනවලට නම් දරාපු The Boys කතා මාලාවේ ඒ දේවල් ඊට නොදෙවෙනි වෙන්න නිර්මාණය කරන ගමන් අලුත් චරිත සහ අලුත් සිදුවීම් එක්කයි මේ අපූරු Gen V සීරීස් එක ගොඩනගලා තියෙන්නේ.

The Boys විශ්වයේ වීරයින් වෝට් ආයතනයෙන් ලබාදුන්නු බෙහෙතක් නිසා බලය ලැබුණු අය මිසක් ඔවුන් ඉහළ පරිණාමය නිසා හෝ පිටසක්වළ ජීවීන් නිසා බලය ලැබුණු අය නෙවෙයි කියන කාරණේ දැනටමත් ඔප්පු වෙලා ඉවරයි. මේ ආන්දෝලානාත්මක හෙලිදරව්ව නිසා වෝට් එකේ ඉහළ පුටුවල ඉන්න අයට කොයි තරම් ප්‍රශ්න තොගේකට මුහුණ දෙන්න වුණාද කියලා ඔයාලට මතක ඇතිනේ. මේ වෙද්දී වෝට් එකේ සම්පූර්ණ බලයම තියෙන්නේ හෝම්ලෑන්ඩර් අතේ. ඒ අස්සේ හෝම්ලෑන්ඩරුත් දැන් ප්‍රසිද්ධියෙම පිස්සු කෙලිනවා.

ඉතිං ඔය වගේ කාලෙක “ගොඩොල්කින්” කියන සුපිරි වීරයින් සඳහා වෙන් වුණු පාසලක සිද්ද වෙන අමුතුම සිදුවීම් මාලාවක් පාදක කරගෙනයි අලුත්ම Gen V කතා මාලාව දිග හැරෙන්නෙ.

Godolkin විශ්ව විද්‍යාලය ගැන හඳුන්වාදීමක්


(නිළ ලාංචනය)

The Boys විශ්වයේ ඉන්න තරුණ සුපිරි බලයන් ලැබූ අය (සූප්ලා) එකතු කරගෙන, ඔවුන්ට තමන්ගෙ බලයන් පාලනය කරගන්න, ඒවා පාවිච්චි කරන්න උඟන්වන ප්‍රමුඛ පෙලේ පාසලක් තමයි මේ Godolkin University එක කෙටියෙන් “God U” කියල හඳුන්වන්නේ.

මේ පාසල ආරම්ඹ කරලා තියෙන්නේ පැට්‍රික් ගොඩොල්කින් (කොමික්වල ජෝන් ගොඩොල්කින්) කියන කෙනා විසින්. මේ පැට්‍රික් වගේම ගොඩොල්කි විශ්ව විද්‍යාලයත් Marvel ලගේ X-Men ලගේ පැරොඩි වර්ශන් එකක් විදිහටයි නිර්මාණය කරල තියෙන්නෙ.

මේ විශ්ව විද්‍යාලය තුළින් සූප් කෙනෙක්ට අවශ්‍යය හැම පැතිකඩකම දැනුම ලබාදෙනවා. ඒ දැනුම කළා ක්ෂේත්‍රය සහ අපරාධවලට එරෙහිව සටන් කිරීම කියන ප්‍රධාන නිපුණතා වර්ග දෙකකින් ඉඟෙන ගන්න පුලුවන්. අනික මේ විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගන්නෙත් බොහොම ප්‍රවේශමින් තෝරල බේරලා. හැමෝටම ඒ අවස්තාව උදාවෙන්නෙත් නෑ.

ඉතිං උපාධි ලබාදීම හරහා දහස් ගණනක් තරුණ සූප්ලට නිසි අධ්‍යාපනය ලබාදෙමින්, අදාල ශිෂ්‍යයින්ව සළකා බලල ඔවුන්ව සුපිරිවීරයින් විදිහට අපරාධවලට එරෙහිව හෝ කලා ක්ෂෙත්‍රයට යොමු කිරීමත් මේ විශ්ව විද්‍යාලයෙන් සිදුවෙනවා. ඒ වගේම මෙයාලා සෑම වසරෙම හොඳම ශිෂ්‍යයින් දස දෙනෙක්ව තෝරාගෙන ඔවුන්ව සෙවන් ඇතුලු ප්‍රමුඛ පෙලේ සුපිරි වීර කණ්ඩායම්වලත් යොමු කරෙනවා. කුයින් මේව්, ඒ- ට්‍රේන් වගේම ඩීප් කියන්නෙත් ගොඩොල්කින් එක හරහා දස්කම් දක්වලා හොඳම 10 අතරට ගිහින් සෙවන් එකේ තමන්ගෙ ස්ථාන දිනාගත්තු අයයි.

ඉතිං මේ අපූරු පාසල ගැන වැඩිපුර විස්තර ඔයාල Amazon ලාම නිර්මාණය කරපු නිළ ගොඩොල්කින් වෙබ් අඩවියට ගිහින්ම බලන්න පුලුවන්.
https://www.godolkinuniversity.com/

The Boys විශ්වය කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ දූෂිත එකක්නේ. ඉතිං මේ ගොඩොල්කින් එකෙත් ඇති වෙනසක් නෑ. කතාව දිගටම බලන් යද්දි ඔයාලට තේරෙයි මේක ඇතුලේ මොන තරම් දරුණු වගේම අමුතු දේවල් සිද්ද වෙනවද කියලා.

ඉතිං තමන්ගෙ වැරදි හදාගෙන අලුත් ආරම්ඹයක් අරගන්න හිතාගෙන ගොඩොල්කින් එකට යන පොඩි කෙල්ලෙක්ට මැදිවෙන්න සිද්ද වෙන දරුණු අත්දැකීම් මාලාවක් තමයි Gen V කතා මාලාවෙන් අරන් එන්නෙ.

සුපුරුදු පරිදි Amazon Prime Video වෙනුවෙන් මේක නිර්මාණය කරල තියෙන්නේ Erik Kripke විසින්. Jaz Sinclair, Chance Perdomo, Lizzie Broadway, Maddie Phillips, Derek Luh ප්‍රධාන චරිත ලෙසින් එකතු වෙනවා. The Boys එකේ චරිත ප්‍රධාන චරිත විදිහට මේකට එකතු වෙන්නෙ නෑ. ඒත් The Boys එකේ මුහුණු ගොඩක් කැමියෝ විදිහට කතා මාලාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සරහ කතාංගවලින් අපිට සොල්ජර් බෝයිවත් දැකගන්න අවස්තාව තියෙනව කියලයි අහන්න ලැබුණේ. මම මේ ලිපිය ලියන වෙලාව වෙද්දී 8.1 ක IMDB අගයක් වගේම 95% ක Rotten Tomatoes අගයකුත් කතා මාලාව වාර්ථා කරලා තියෙනවා.

The Boys වගේම මේකත් TV-MA රේටින් එකට නිර්මාණය කරල තියෙන්නේ. ඉතිං මේ සීරීස් එක පුරාම අසභ්‍යය වචන, නිරුවත් දර්ශන, මත්ද්‍රව්‍යය භාවිතය එක්ක පටන් ගත්තු වෙලාවෙ ඉඳන් අතිශය දරුණු ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුලත් වෙනවා. ඒ නිසා වයස 18 ට වැඩි අය විතරක් මේක බැලුවා නම් තමයි සුදුසු . අනිත් කාරණාව තමයි මේක The Boys එකේ ස්පින් ඕෆ් එකක් වෙන නිසා මේ සීරීස් එක The Boys එකට කෙලින්ම සම්බන්ඳ වෙනවා. ඒ නිසා The Boys බලල මේ විශ්වය ගැන දැනුම ටිකක් අරන් මේක බලන්න ගත්ත නම් හොඳයි කියලයි මම නම් කියන්නේ. නැත්තන් කතාවෙන් පෙන්වන ඊසටර් එග්ස් එහෙම ඔයාලට මගහැරිලා කතාවෙ නියම රසය අරගන්න බැරි වෙයි.

season 02

හෙලෝ යාලුවනේ, මතකද අර ගොඩොල්කින් කැම්පස් එකේ සීසන් 1 එක ඉවර වුණු විදිහ? මාරියි, එයාගේ සෙට් එකයි වීරයෝ වගේ වැඩ කරලා අන්තිමට ඒ ඔක්කොම වගේ හිරේටනේ වැටුණේ, ඒ අස්සේ කැම්පස් එක විනාශ කරපු කේට් සහ සෑම් තමයි ලෝකෙට වීරයෝ වුණේ. Homelander ඇවිත් දුන්නා නේද සුපිරිම endorsement එකක්? හිතාගන්නවත් බැරි තැනකින් තමයි සීසන් 2 පටන් ගන්නේ.

සීසන් 2 එකේදී මාරි, (Andre), ජෝර්ඩන් (Jordan), සහ එමා (Emma) – ඉන්නේ කිසිම ජනේලයක් නැති, කොහේද කියලාවත් හොයාගන්න බැරි හිරගෙදරක. එයාලව දැන් ලෝකෙම දකින්නේ නපුරෝ විදිහට. එයාලට එළියට ඇවිත් ඇත්ත කතාව කියන්න පුළුවන් වෙයිද? නැත්නම් Vought සමාගම එයාලව සදහටම හංගලා දායිද?

අනිත් පැත්තෙන්, දැන් ගොඩොල්කින් කැම්පස් එකේ අලුත් “Guardians of Godolkin” කියල සෙට් එකක් ඉන්නවා. ඒකේ ලීඩර්ස්ලා කවුද දන්නවද? අර ඔක්කොම විනාශ කරපු කේට් සහ සෑම්! එයාලා දැන් කැම්පස් එකේ සුපිරිම වීරයෝ. එයාලා එයාලගේ බලය හොඳ දේකට පාවිච්චි කරයිද, නැත්නම් සුපිරි බලවතුන්ගේ ලෝකය තවත් භයානක තැනක් කරයිද?

ඒ වගේම මතකද අර කැම්පස් එක යට තිබුණු “The Woods” කියන ලැබ් එක? එතන හැදුව භයානක වෛරස් එකට මොකද වුණේ? ඒක එළියට ආවොත් මුළු ලෝකෙටම මොනවා වෙයිද? Victoria Neuman වගේ අය මේ වෛරස් එක පාවිච්චි කරලා ලොකු ගේමක් ගහන්න ප්ලෑන් කරනවා කියලත් ආරංචියි.

සීසන් 2 එකේදී පරණ යාළුකම් සතුරුකම් වෙනවා, අලුත් හතුරෝ එනවා, “The Boys” කතාවටත් මේක කෙලින්ම සම්බන්ධ වෙනවා. මේකෙ නම් ලොකු සටනක් තමයි පටන් ගන්න යන්නේ.කට්ටිය මේ අවුලෙන් ගොඩ එයිද? නැත්නම් හැමදේම ඉවර වෙයිද? බලමුද මොකද වෙන්නේ කියලා

Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Gen V (2023) TV Series | S01 & S02 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-08 ✅

Season 02 (Complete) ✅
Episode 01-08 ✅

Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.7 1,191 votes
First air date Sep. 28, 2023
Last air date Oct. 15, 2025
Seasons S01 & S02 Complete
Average Duration tt13159924 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Jaz Sinclair isMarie Moreau
Marie Moreau
Lizze Broadway isEmma Meyer / Little Cricket
Emma Meyer / Little Cricket
Maddie Phillips isCate Dunlap
Cate Dunlap
London Thor isJordan Li
Jordan Li
Derek Luh isJordan Li
Jordan Li
Asa Germann isSam Riordan
Sam Riordan

Video trailer

Similar titles

Moon Lovers Scarlet Heart Ryeo TV Series (2016) Sinhala Subtitles
පොවුචර් |  දඩයක්කාරයා TV Season 01
Twenty Five Twenty One (2022) TV Series | Season 01 | Complete With Sinhala Subtitles
Escaype Live (2022) TV Series Season 01 Complete
Breaking Bad (2008) Complete TV Series with Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Tales of the Empire (2024) TV Series | S01 Complete
Foundation (2021) S01 Complete Sinhala Subtitles
Love Alarm (2019) TV S01 & S02 Complete
Fingertip (2019) Complete Season 01 With Sinhala Subtitles
Stranger Things (TV Series 2016-2022) TV Series | Season 01 -04  Complete
Dorohedoro (2020) TV S01 Complete
Extraordinary You (2019) TV S01 Complete EP01-32

(1) comment

  • Dineth November 3, 2025 Reply

    Ep -08 danne nadda 🙂

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published