Pritam and Pedro කියන්නේ 2026 ජූලි මාසයේ (ජූලි 3) JioHotstar හරහා විකාශනය ආරම්භ වුණු, බොලිවුඩයේ සුපිරි අධ්‍යක්ෂක Rajkumar Hirani (Munna Bhai, 3 Idiots, PK චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා) නිර්මාණය කරපු අපූරු Cybercrime Buddy-Cop Comedy වෙබ් සීරීස් එකක්.

දැනට OTT අවකාශයේ දකින්න ලැබෙන අඳුරු, ලේ වැගිරීම් සහ කුතුහලයෙන් පිරුණු ත්‍රාසජනක (Dark Crime Thrillers) රැල්ලෙන් මිදිලා, හදවතට දැනෙන හාස්‍යය සහ හැඟීම්බර බව එකතු කරලා තමයි Hirani මේක නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රවීණ නළු Arshad Warsi සහ මේ සීරීස් එකෙන් සිනමාවට හඳුන්වා දෙන Vir Hirani. ඒ කියන්නේ Rajkumar Hirani ගෙ පුතා රංගනයට පිවිසුන පලමු වතාව මේක. එයා හොදට චරිතෙට සාධාරණයක් කලා කියලා මං හිතනවා.

ඒ වගේම Vikrant Massey, Boman Irani, Mona Singh, Rajesh Sharma, Satyadeep Mishra, Shruti Marathe කියන නළු නිළියනුත් මේ සීරිස් එකේ රගපනවා.

මේ සීරීස් එක පිටුපස සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් නොදන්නා විශේෂ කරුණු කිහිපයක් තියෙනවා:

මේ කතාව සම්පූර්ණයෙන්ම මනඃකල්පිත එකක් නෙවෙයි. මෙහි සයිබර් අපරාධ සිදුවීම් නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ ලේඛක Amit Dubey විසින් ලියන ලද “Hidden Files” සහ “Return of the Trojan Horse” කියන පොත් ද්විත්වය ඇසුරින්.

Amit Dubey

රාජ්කුමාර් හිරානිට මේ සීරීස් එක කරන්න අදහස ඇවිත් තියෙන්නේ කොවිඩ් වසංගත කාලසීමාවේදී. ඒ දවස්වල මුම්බායි සයිබර් පොලිස් අංශය (Mumbai Cyber Cell) හිරානිව හමුවෙලා සයිබර් අපරාධ ගැන දැනුවත් කිරීමේ චිත්‍රපටයක් කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. පසුව ඔහු ලේඛක අමිත් ඩුබේ හමුවී මේ අදහස වෙබ් සීරීස් එකක් දක්වා සංවර්ධනය කර තිබෙනවා.

මෙහි ‘Pritam’ ලෙස ප්‍රධාන චරිතයක් රඟපාන Vir Hirani කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මේ සීරීස් එකේ නිර්මාතෘ Rajkumar Hirani ගේ සැබෑ පුතා. තාත්තාගේ සුපිරි නිර්මාණයකින්ම ඔහු සිනමාවට පිවිසි අතර, ප්‍රවීණ නළු අර්ෂද් වාර්සි ඉදිරියේ පවා ඔහුගේ රංගනය ඉතා ස්වභාවික සහ දක්ෂ මට්ටමක තිබූ බව විචාරකයින් පවසනවා. (සීරීස් එකේ රැවුල වවාගෙන හිටපු විර්, සීරීස් එක රිලීස් වුණාට පස්සේ ක්ලීන් ශේව් ලුක් එකකින් ඇවිත් “Pritam ට අන්තිමට රේසර් එකක් හම්බුණා” කියලා සෝෂල් මීඩියා වල දාලා තිබුණා).

හිරානිගේ නිර්මාණවල හැමදාමත් විශේෂ තරු දකින්න ලැබෙනවා. මේ සීරීස් එකේදී බොලිවුඩ් සුපිරි තරුවක් වන Sanjay Dutt සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Virender Sehwag විශේෂ ආරාධිත රංගනයන්ගෙන් (Cameo Appearances) දායක වෙනවා. ඊට අමතරව Boman Irani සහ Mona Singh ද මෙහි කෙටි නමුත් ප්‍රබල චරිත නිරූපණය කරනවා.

මේ සීරීස් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Avinash Arun. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළේ ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වුණු, ඉතාමත් දරුණු සහ අඳුරු ගණයේ ක්‍රයිම් සීරීස් එකක් වුණු Paatal Lok සීරීස් එකයි. හැබැයි Pritam and Pedro හරහා ඔහු රාජ්කුමාර් හිරානිගේ ශෛලියට ගැලපෙන සැහැල්ලු, ලස්සන කොමඩි සහ හැඟීම්බර නිර්මාණයක් කිරීමට තමන්ට ඇති හැකියාව මනාව ඔප්පු කරලා තියෙනවා.

6. Arshad Warsi හා Vir Hirani එකට රංගනයේ අනෙක් සුවිශේෂිතාවය

Rajkumar Hirani අධ්‍යක්ෂණය කල Munna Bhai M.B.B.S. සිනමාපටය මතක ඇතිනේ. ඒ සිනමාපටයේත් Arshad Warsi සර්කිට් ගේ චරිතේ රගදක්වනවා. ඉතිං මේ ෆිල්ම් එකේ cameo එකක් විදියට ෆිල්ම් එකෙ අන්තිමට පොඩි පොටො එකකිං මේ rajkumar Hirani ගෙ පුතා එක්ක Arshad Warsi ත් ඉන්නවා.

පේනවානේ Arshad Warsi නං වයසට ගිහිං නෑ.

කතාවේ ප්‍රධාන තේමාව සයිබර් අපරාධ වුණත්, හිරානිගේ සිරිතක් ලෙස මෙහිත් සමාජයට ලස්සන පණිවිඩයක් දෙනවා. ඒ තමයි “වැරදි වලට සමාව දීම සහ සමාව ගැනීම” කියන එක දුර්වලකමක් නෙවෙයි, මිනිස්කමේ ලොකුම ශක්තියක් කියන එක. Shantanu Moitra සංගීතවත් කළ “Maafi Maang Lo, Maaf Kar Do” ගීතය සීරීස් එකේ ප්‍රධාන හැඟීම්බර නැංගුරම වෙනවා.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ දමිදු චතුෂාන් ලියනගේ (දම්මා) විසින්.

Comments