Summer Vacation (2026) TV Series | S01 | EP01-04 | Incomplete
Year:2026
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-04 ✅
Episode 05-10 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Pageගිම්හාන නිවාඩුවක් ගත කරන්න ලස්සන ගම්බද ගමකට ගියොත් කොහොම වෙයිද? අලුත් යාළුවෝ, අමුතු හමුවීම්, හිතට දැනෙන පළවෙනි ආදරේ… හැබැයි මේ ගමනේදී බලාපොරොත්තු නොවුණු අද්භූත දේවල් ටිකකුත් සිද්ධ වුණොත්?
අන්න ඒ හැමදේම එකතු වුණු ලස්සන කොරියානු Teen Romance, Fantasy සහ Mystery K-drama එකක් තමයි *SUMMER VACATION (2026)* කියන්නේ.
කතාවේ ඉන්නේ *Kim Ha-yeon* කියන වයස අවුරුදු 18ක පාසල් යන ගෑනු ළමයෙක්. එයාගේ ජීවිතේ හැමදාම ගෙවෙන්නේ එකම විදිහට. ඉතින් එයාටත් ඕනේ වෙනස්ම දෙයක් අත්විඳින්න. ඔය අතරේ ගිම්හාන නිවාඩුවේදී තාත්තාගේ ව්‍යාපාරික ගමනකට එකතු වෙලා *Upo-ri* කියන එයාට හුරු නැති ගම්බද ගමකට යන්න එයාට සිද්ධ වෙනවා.
ඔන්න ඔතනින් තමයි කතාවේ අලුත්ම සීන් එක පටන් ගන්නේ.
ඒ ගමේදී එයාට හම්බවෙනවා *Jo Yu-gyeom* කියන තරුණයාව. හැබැයි මෙයාගේ ජීවිතේත් එච්චර ලේසි නෑ. ගමේ ප්‍රසිද්ධ පවුලක වැඩිමහල් උරුමක්කාරයා වෙන එයාට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ පවුලේ නීතිරීති සහ සම්ප්‍රදායන්ට යටත් වෙලා. පිහිනීමට කොච්චර දක්ෂ වුණත්, තමන් කැමති විදිහට ජීවිතේ ගත කරන්න නම් එයාට ලොකු නිදහසක් නෑ.
එක පැත්තකින් ජීවිතේ අලුත් දේවල් හොයන Ha-yeon. අනිත් පැත්තෙන් තමන්ට නියම කරලා තියෙන ජීවිතෙන් නිදහස් වෙන්න හිතාගෙන ඉන්න Yu-gyeom. මේ දෙන්නා එකට මුණගැහුණම මොන වගේ දේවල් වෙයිද කියලා හිතාගන්න පුළුවන්ද?
හැබැයි මේකේ තියෙන්නේ ආදර කතාව විතරක්ම නෙවෙයි. *Upo-ri* ගමේ ලස්සන, නිස්කලංක පරිසරය පිටිපස්සේ මොකක්දෝ අමුතු දෙයක් හැංගිලා තියෙනවා. සමහර සිදුවීම් දැක්කම ඒවා ඇත්තටම වුණ දේවල්ද, නැත්නම් හිතාගන්නවත් බැරි අද්භූත අත්දැකීම්ද කියලා ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. ඒ නිසා Romance එකත් එක්ක Mystery එකත් හොඳටම එකතු වෙලා තියෙනවා.
ඒ වගේම පළවෙනි ආදරේ දැනෙන හැටි, තරුණ කාලේ තියෙන පිස්සු ආසාවල්, නිදහසේ තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න තියෙන ආසාව වගේ දේවල් මේ කතාවෙන් ලස්සනට බලාගන්න පුළුවන්.
*සමහර ගිම්හාන නිවාඩු ඉවර වුණාට පස්සෙත් හිතෙන් අමතක වෙන්නේ නෑ. හැබැයි Ha-yeon ගත කරන මේ නිවාඩුව එයා හිතපු තරම් සාමාන්‍ය එකක් වෙයිද? නැත්නම් එයාගේ ජීවිතේම වෙනස් කරන අත්දැකීමක් වෙයිද?*
Teen Romance, First Love, Fantasy සහ Mystery වලට කැමති අයට වගේම ලස්සන ගම්බද පරිසරයක් එක්ක ටිකක් වෙනස්ම කතාවක් බලන්න ආස අයටත් මේක හොඳ තේරීමක්.
Upo-ri ගමේ මේ අමුතු ගිම්හානයේදී මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකෝ


















