CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete

The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete

Sep. 18, 2025
Your rating: 0
10 2 votes

TV Series Info

 

The Ba***ds of Bollywood නිකුත් වුනේ පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා Netflix ඔස්සේ. සීරීස් එක නිර්මාණය සහ අධ්‍යක්ෂණය කරන්නේ Aryan Khan. මේක ඔහුගේ පළවෙනි නිර්මාණය වීමත් විශේෂත්වයක්. 🔥

ඒක නෙවෙයි මේකෙ cast එක තමයි විශේෂම දේ. කතාව ප්‍රධානවම නිර්මාණය වෙන්නේ ආස්මාන් සිං කියන නවක බොලිවුඩ් රංගන ශිල්පියෙන් මූලික කරගෙන. මේ චරිතයට පණ දෙන්නේ Lakshya Lalwani. ඔයා 2023 වසරේ නිකුත් වුනු Kill චිත්‍රපටය සහ 2017 වසරේ විකාශනය වුනු Porus රූපවාහිනී කතාමාලාව බලපු කෙනෙක් නම් ඔහුව කොහෙත්ම නොදැන ඉන්න විදිහක් නෑ. 🤫

 

ඒ වගේම Bobby Deol, Sahher Bambba, Anya Singh, Raghav Juyal, Mona Singh ආදී බොලිවුඩ් නළු නිළියන් රැසක් අනෙකුත් ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.
ඊළඟට විශේෂම දේ මේකේ ආරාධිත රංගනයෙන් දායක වෙන කට්ටිය.

* Shah Rukh Khan
* Karan Johar
* Aamir Khan
* Emraan Hashmi
* Salman Khan
* Ranbir Kapoor
* Rajkumar Rao
* Arjun Kapoor
* Ranveer Singh
* Badshah
* Sara Ali Khan
* Ibrahim Ali Khan

වගේ තව හුඟ දෙනෙක් මේ කතා මාලාවේ ආරාධිත චරිත වලට රංගනයෙන් දායක වෙනවා. 🔥

එහෙනම් යමු කතාව පැත්තට.
මම මුලින් කිව්වා වගේ මේක දිවෙන්නේ බොලිවුඩ් වලට අලුතෙන් අඩිය තියන දිල්ලියේ ඉඳන් ආපු කොල්ලෙක් මූලික කරගෙන. එතනින් පස්සේ බලයට කෑදර චිත්‍රපට නිෂ්පාදකවරුන් ගැන, බොලිවුඩ් සිනමා කර්මාන්තය ඇතුළේ සිද්ධ වෙන පොඩි පොඩි දේවල් hints විදිහට වගේම බොලිවුඩ් තරු සහ ඔවුන්ගේ දරුවන් ගැන හොඳ අදහසක් දෙනවා.
කතාව ගැන තව මොනවත් කියන්නෙ නෑ spoil වෙන හින්දා. 😉

දැන් කියන්නම් The Ba***ds of Bollywood බලපු කෙනෙක් විදිහට මගේ අදහස. පළවෙනි එපිසෝඩ් හතර පුදුමාකාර ආතල්. පොඩි කම්මැලිකමක්වත් නැතුව බලන්න පුලුවන්. පස්වෙනි එපිසෝඩ් එකෙන් පස්සෙ ආතල් එක නවත්තලා කතාව වෙනම පැත්තකට අරන් ගියත් ඊටපස්සෙ ඉතුරුවෙන එපිසෝඩ් දෙක ටිකක් මදි වගේ මට හිතුනා. හරියට ඉවර කරගන්න විදියක් හිතාගන්න බැරුව ලියපු එකක් වගේ. (Just a Joke)
පෞද්ගලිකව මුල් එපිසෝඩ් වලදී බලාපොරොත්තු වුන විදිහට මම මේකේ අවසානයට කැමති නෑ. 🙂
විශේෂයෙන්ම මේකට මෙච්චර විශේෂ cast එකකුත් අරගත්ත එකේ අවසානය තව රසවත් කරන්න තිබුනා කියලා මට හිතුනා. ඒ වගේම කතාව ඉවර වෙන්නෙත් නොවිසඳුණු ප්‍රශ්න කිහිපයක් ඉතුරු කරලා. ඒ නිසා තව සීසන් එකක් ඒවි කියලා බලාපොරොත්තුවක් තියාගන්නත් පුලුවන්. 😌

කොහොමහරි නිකං ඉන්න වෙලාවට බැලුවා කියලා පාඩුවක් නැති සීරීස් එකක් කියලා කියන්න කැමතියි. මම බොලිවුඩ් නිර්මාණ බැලුවට බොලිවුඩ් ගැන එච්චර ලොකු දැනුමක් නැති හින්දා ලිපියේ කළින් කියපු දේවල්වල කොහේ හෝ වැරැද්දක් තිබුනොත් සමාව ඉල්ලා සිටිනවා.
එහෙනම් සිංහල උපසිරැසි එක්කම The Ba***ds of Bollywood බලන්න කියලා ආරාධනා කරනවා.

The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
The Ba***ds of Bollywood (2025) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-07 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.852 27 votes
First air date Sep. 18, 2025
Last air date Sep. 18, 2025
Seasons S01 Complete
Average Duration tt34683290 minutes
Subtitles By
Country
Language

Creator

Aryan Khan
Creator

Cast

Lakshya Lalwani isAasmaan Singh
Aasmaan Singh
Bobby Deol isAjay Talvar
Ajay Talvar
Sahher Bambba isKarishma Talvar
Karishma Talvar
Manoj Pahwa isAvtaar Singh
Avtaar Singh
Anya Singh isSanya Ahmed
Sanya Ahmed
Manish Chaudhary isFreddy Sodawallah
Freddy Sodawallah
Rajat Bedi isJaraj Saxena
Jaraj Saxena

Video trailer

Similar titles

Tooth Pari: When Love Bites (2023) TV Season 01 Complete
The Secret Of The Shiledars (2025) TV Series | Season 01 | Complete
Undercover High School (2025) TV Series | S01 | Complete
Solo Leveling (2024) TV S01 & S02 Complete
My New Boss Is Goofy (2023) TV Series | S01 | Complete
The Forbidden Marriage (2022) TV S01 Complete
Citadel: Diana (2024) TV Series | Season 01 | Complete
Cyberpunk: Edgerunners (2022) TV | Season 01 | With Sinhala Subtitles
Merlin (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Worst of Evil (2023) TV Series  | S01 Complete
Emoji (2022)  TV Series Season 01 Complete Season 01
Akash Vaani (2022) TV Series | Season 01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published