ආයුබෝවන්.. අද අරගෙන ආවේ 2025 අප්‍රේල් මාසේ Netflix හරහා රිලීස් වුණු සුපිරිම කතාවක් ගැන විස්තරයක්. Sci-Fi, Post-apocalyptic (ලෝකාන්තය) ගණයට අයිති වෙන කතා වලට ආස කරන අයට නම් මේක අනිවාර්යයෙන්ම බලන්න වටින මාරම අත්දැකීමක්.

El Eternauta කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වුණු කතාවක්. ඇත්තටම මේක 1957 දී Héctor Germán Oesterheld කියන රචකයා නිර්මාණය කරපු ලෝක ප්‍රසිද්ධ කොමික් පොතක් පදනම් කරගෙන තමයි හැදිලා තියෙන්නේ. කාලයක් තිස්සේ චිත්‍රපටයක් විදිහට හදන්න ප්ලෑන් කරලා තිබ්බත්, අන්තිමට Netflix එකෙන් මේක කතා මාලාවක් විදිහට ප්‍රේක්ෂකයින්ට ගෙනාවා.

කතාව පටන් ගන්නේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් (Buenos Aires) නගරයෙන්. සාමාන්‍ය විදිහට දවස ගෙවිලා යනකොට, එකපාරටම අමුතුම විදිහේ දීප්තිමත්, විෂ සහිත හිම පතනයක් නගරය පුරාම සිද්ධ වෙනවා. මේ හිම ඇඟේ ගෑවුණ ගමන් මිනිස්සු එතැනම මැරිලා වැටෙනවා. කතාවේ ප්‍රධාන චරිතය වෙන ‘ජුවන් සල්වෝ’ (Juan Salvo) සහ එයාගේ යාලුවෝ කීපදෙනෙක් සෙල්ලම් කර කර ගෙයක් ඇතුළට වෙලා ඉන්න නිසා මේකෙන් බේරෙනවා.

ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේක නිකම්ම ස්වභාවික විපතක් නෙවෙයි. ටික දවසක් යද්දී මෙයාලට තේරෙනවා මේක අදෘශ්‍යමාන බලවේගයක් විසින් මෙහෙයවන දරුණු ආක්‍රමණයක් කියලා. ඉතින් ජුවන් ඇතුළු මේ ඉතුරු වුණු පිරිසට එකතු වෙලා මේ අද්භූත සතුරන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තනියම කිසිම කෙනෙක්ට මේකෙන් බේරෙන්න බෑ, හැමෝම එකතු වෙලා සටන් කරන්නයි වෙන්නේ.

ප්‍රධාන චරිතය රඟපාන්නේ සම්මානනීය ආර්ජන්ටිනා නළු Ricardo Darín විසින්. පලවෙනි සීසන් එකටම තියෙන්නේ කොටස් 6ක් විතරයි (එක එපිසෝඩ් එකක් විනාඩි 45-60 වගේ වෙන්නේ). ඒ නිසා කම්මැලි නැතුව එක හුස්මට (Binge-watch) බලලා ඉවර කරන්න පුළුවන්. කතාවේ තියෙන අද්භූත ස්වභාවයයි, survival සටනයි නිසා පටන් ගත්ත ගමන් ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න හිතෙනවා. පළවෙනි සීසන් එකට ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම, දැනටමත් මේකේ දෙවෙනි Season එකක් එනවා කියලත් Netflix හරහා තහවුරු කරලා තියෙනවා.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ සිනෙරු කණ්ඩායම විසින්.

Comments