Cast
Go Full Cast PageThe Art of Sarah 2026 දකුණු කොරියාවේ විකාශනය වුණ අභිරහස්-ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් ඒක සාරා කිම් කියන චරිතය වටේ ගෙතෙන කතාවක් , එයාගේ සැබෑ අනන්‍යතාවය හංගන්න සුඛෝපභෝගී උසස් සමාජයක් ජීවිතේ ඇතුලේ නිර්මාණය කරගත්ත. ඉතින් සාරාගේ කියලා හිතන මිනීමැරුමකට අහු වුණ කාන්තාවක්ගේ මිනියක් සෝල් නගරෙන් මතු වුණාට පස්සේ මේ සාරාගේ කතාවේ සුල මුල ඔක්කොම අපිට එළි වෙන්න පටන්ගන්නවා, මේ මැරුණ ගැණු කෙනා ගැන පරීක්ෂණ කරන රහස් පරික්ෂක පාර්ක් මු-ග්යොං සාරගේ ආකර්ෂණීය ජීවිතේ පිටිපස්සේ තියෙන රහස එළි කරන්න පටන්ගන්නවා එයා ගැඹුරට විමර්ශනේ කරාම, අන්වර්ථ නාම ගොඩක්, හැංගුණ සම්බන්ධතා සාරා ගැන පුදුම හිතෙන දේවල් ගොඩක් හොයාගන්නවා, සාරාගේ ලෝකේ කවුරුත් දකින දේ නෙවේ කියලා එයාට දැනගන්න පුලුවන් වෙනවා,ඉතින් කතාව බලන ඔයාලටත්
මේ අසාමාන්‍ය සාරාගේ ඇත්ත තත්වේ මොකක්ද ?
එයා ඇත්තටම කවුද ?
අවසානේ හැමෝම ඇත්ත දැනගනීද ?
සාරාට මේ බොරුව දිගටම කරගෙන යන්න පුලුවන් වෙයිද ?
කියලා බලාගන්න පුලුවන්
ඉතින් මේ කතා මාලාවේ සාරා විදිහට Mr. Queen එකේ රගාපාපු ෂින් හයි-සන් වගේම අධිෂ්ඨානශීලී රහස් පරීක්ෂකවරයෙක් විදිහට ලී ජුන්-හියුක් රංගනයෙන් දායක වෙනවා, අන්තිම වෙනකම් ඔයාලට ලොකු කුතුහලය වගේම,අනුමාන කරන්න ගොඩක් දේවල් මේ කතාවෙදි හම්බෙයි ඒ නිසා අනිවාරෙන්ම මේ අපූරු කතාව අන්තිම වෙනකම් බලන්න.


















