Aspirants (2021) කියන්නේ India වල TVF (The Timeliner) එකෙන් හදපු, මිනිස්සුන්ගේ හිත්වලට ගොඩක්ම දැනුණු පට්ටම Drama සීරීස් එකක්. මේක බලපු ඕනෑම කෙනෙක්ට තමන්ගේ යාළුවෝ, හීන සහ අනාගතය ගැන ලොකු අභිප්‍රේරණයක් ලැබෙනවා.

කතාව යන්නේ India වල තියෙන අමාරුම විභාගයක් වෙන UPSC (Civil Services) exam එකට ලෑස්ති වෙන හොඳම යාළුවෝ තුන්දෙනෙක් වටායි. ඒ Abhilash, Guri, සහ SK. මේ තුන්දෙනා Delhi වල Rajinder Nagar කියන පැත්තේ එකට නතර වෙලා, එකට පාඩම් කරමින් තමන්ගේ හීන පස්සේ යන විදිහ තමයි කතාවේ පෙන්වන්නේ.

මේ සීරීස් එකේ ලස්සනම දේ තමයි කතාව කාල රාමු දෙකකින් දිවෙන එක. එක පැත්තකින් 2010 ගණන්වල මේ යාළුවෝ තුන්දෙනා එකතු වෙලා විභාගයට මහන්සි වෙන හැටි, ඒ අස්සේ එන ආදරය, පරාජයන් සහ බලාපොරොත්තු පෙන්වනවා. අනිත් පැත්තෙන් අවුරුදු ගණනකට පස්සේ (වර්තමානයේ) Abhilash IAS නිලධාරියෙක් වුණාට පස්සේ, මේ යාළුවන්ගේ සම්බන්ධකම් මොන වගේ තැනකද තියෙන්නේ කියන එක පෙන්වනවා.

ඒ වගේම මේ කතාවේ එන Sandeep Bhaiya කියන චරිතය කාගේත් ආදරය දිනාගත්තු, ඕනෑම අමාරු වෙලාවක උපදෙස් දෙන ප්‍රබල චරිතයක්.

ඔයා හීන පස්සේ යන කෙනෙක් නම්, විභාගවලට ලෑස්ති වෙන කෙනෙක් නම්, නැත්නම් යාළුකම ගැන ලස්සන කතාවක් බලන්න ආස නම්, “Aspirants” කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන සුපිරිම කතාවක්!

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinneMX.lk උපසිරැසි අංශයේ CineMX කණ්ඩාය​ම විසින්.

Comments