කතාව මොන වගේ පැත්තකටද යන්නෙ කියලා මං මුලින්ම හෝඩුවාවක් දුන්නනෙ. දම් යේ-ජින් (Chae Won-bin) කියන්නේ රූපවාහිනී වෙළඳ (Home shopping) නාලිකාවක වැඩ කරන දක්ෂ නිවේදිකාවක්. එයා විකුණන ඕනෙම දෙයක් ඉක්මනින්ම ‘Sold Out’ වෙනවා. හැබැයි මේ අධික වැඩ රාජකාරි නිසාම එයා ඉන්නේ දරුණු නින්ද නොයාමේ රෝගයකින් (Insomnia) පෙළෙමින්.

අනිත් පැත්තෙන් මැතිව් ලී (Ahn Hyo-seop) කියන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙක්. එයා තමයි ලෝකේ තියෙන එකම ආශ්චර්යමත් අමුද්‍රව්‍ය හැදෙන ගොවිපළක් පවත්වාගෙන යන්නෙත්. හැබැයි මේ හැමදේම අස්සේ එයාටත් කවුරුත් නොදන්න හංගපු රහසක් තියෙනවා.

මේ දෙන්නගේ රස්සා නිසා දවාලෙත් රෑත් දෙන්නට දෙන්නා නිතරම මුණගැහෙන්න ගන්නවා. එහෙම මුණගැහෙන මේ දෙන්නා කොහොමද එකිනෙකාගේ ප්‍රශ්න වලට උදව් කරන්නේ, තුවාල වුණ හිත් සුවපත් කරගන්නේ කියන එක තමයි මේ කතාවෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.

කොහොමද මේ දෙන්නගෙ මුණගැහීම සිද්ධ වෙන්නෙ?

මැතිව් ලී හංගගෙන ඉන්න ඒ රහස මොකක්ද?

යේ-ජින් ට එයාගේ නින්ද නොයාමේ ලෙඩෙන් ගැලවෙන්න මැතිව් ලී උදව් කරයිද?

දෙන්නට දෙන්නා එකතුවෙලා එයාලගෙ හිත්වල තියෙන හිඩැස ආදරෙන් පුරවගන්න හැටි බලන්න ආසද?

මේ කියන ප්‍රශ්නවලට වගේම කතාව බලද්දි ආදරය, කුතුහලය වගේම හාස්‍යය නිසා අපිට දැනෙන හැඟෙන දේ බොහෝමයි.. එහෙනම් හිත සුවපත් කරන (Healing romance) මේ ලස්සන ආදර කතාමාලාවත් බලාගෙන යන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ උචිනි පෙරේරා විසින්.

Comments

April 27, 2026

2 epi ekath danko

May 26, 2026

Thanks sub walata 🖤🙏.. last epi dekath dendoo…🤗