නාකොස් කතා මාලාවේ වෙනස් පියවරකට තමයි අපි මේ අද ආරම්භයක් ගන්නේ. කලින් අපි කතා සම තුනක් වෙනස් වෙනස් විදිහකට රස වින්දා කොලොම්බියාව මූලික කරගෙන. හැමෝටම මතක ඇතිනේ පැබ්ලෝ එස්කොබාර් සහ ඔහු ගොඩ නගපු මත්ද්‍රව්‍ය රාජධානිය කොයි වගේ එකක්ද කියලා? පළමු සහ දෙවන කතා මාලා දෙක හරහා අපි දැකගත්තා පැබ්ලෝගේ ආරම්භය සහ අවසානය වෙනතෙක්ම. ඒ ගැන මම පලවෙනි ලිපිය මගින් පැහැදිලි කලා පැබ්ලෝ කියන්නේ කොයි වගේ කෙනෙක්ද මොනවගේ දේවල් ඔහු විසින් සිද්ධ කලාද කියන කරුණු කාරනා ගැන. පැබ්ලෝගේ කල්ලියේ අවසානයත් එක්කම කොලොම්බියාවේ හිටපු පැබ්ලෝ විරෝධී අනෙක් කල්ලිය උන කාලි කාටෙල් එක නැවත හිස එසෙව්වා. තුන්වන කතා මාලාව තුලින් අපි දැක්කා කාලි කාටෙල් එකේ අවසානය සිද්ධ උන හැටිත්. කොලොම්බියාව තුල මේවගේ ලොකු ලොකු දේවල් සිද්ධ වෙනකොට අහලපහල රටක් වන මෙක්සිකෝව තුලත් මත්ද්‍රව්‍ය හිස ඔසවමින් තිබුනා. ඒ කියන්නේ පැබ්ලෝ කොලොම්බියාව තුල ජයටම ජාවාරම් කරන කාලය තුල දිමයි. එත් මෙක්සිකෝව තුල මේ වගේ සංවිධානාත්මක අපරාධ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන යන පිරිසක් හිටියේ නැහැ. තැනින් තැන ගංජා වවලා ඒවා විකුනලා ආදායම් හොයපු පිරිස් තමයි හිටියේ. ඉතින් අද මේ පටන් ගන්නේ එහෙම මෙක්සිකෝව තුල විසිරිලා හිටපු ජාවාරම් කරුවන් එක සංවිධානයක් විදිහට එකමුතු කරලා සංවිධානාත්මකව මේ ව්‍යාපාර කරගෙන යන්න මූලික උන පුද්ගලයා ගැනයි.

ඔහු නමින් “මිගෙල් ආන්කෙල් ෆෙලික්ස් ගල්යාඩෝ” හෙවත් මිගෙල් ආන්කෙල්. මිගෙල් ගැන කියනවා නම් 80 දශකයේ මෙක්සිකෝව තුල සිද්ධ උන මත්ද්‍රව්‍ය යුද්ධයේ මහමොලකරු කිව්වොත් වඩාත් නිවැරදියි. මිගෙල් සහ පැබ්ලෝ දෙන්නගේ වෙනස්කම වෙන්නේ පැබ්ලෝ ආණ්ඩුවට එරෙහි උනා එත් මිගෙල් කලේ ආණ්ඩුව සහ රජයේ පැත්තෙන් එන ප්‍රතිරෝධ සියල්ලක්ම ඔහුගේ පාලනයට අරගගෙන තම ව්‍යාපාර ජයටම කරගෙන යාමයි. මේ එක්කම ඇමෙරිකානු DEA පැත්තෙනුත් කොලොම්බියාවේ වගේම මෙහෙයුම් මෙක්සිකෝව තුලත් සිද්ධ උනා. මෙක්සිකෝව තුල වගේම ලොව DEA මෙහෙයුම් සිද්ධ වෙන සෑම රටකම DEA නිලධාරීන්ට අත තියන්න දෙවරක් හිතන මට්ටමේ යම් සිදුවීමක් මෙක්සිකෝව තුල සිද්ධ උනා. ඒ ගැන ඔයාල නාකොස් පළමු කතා සමයේ දෙවන හෝ තෙනවා කොටසේදී තරමක් දුරට අහන්න දකින්න ඇති. ඒ පුද්ගලයා තමයි කිකී කැමරිනා. කිකී මෙක්සිකානු සම්භවයක් සහිත ඇමෙරිකානු DEA නිලධරයෙක්. ඔහුට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැන සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් වල අලගිය මුලගිය තැන් ගැන මේ කතා සමය තුලින් ඔයාලට දැකබලා ගන්න පුළුවන්.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ ​ බයිස්කෝප් කණ්ඩාය​ම විසින්.

Comments

May 29, 2026

💚❤️