Climax කොරියන් කතා මාලාව 2026 දකුණු කොරියානු ත්‍රාසජනක ,⁣දේශපාලන කාණ්ඩෙට අයත් වෙන නාට්‍යක්,ඉතින් මේ කතාව ඇතුළෙ තමන්ගේ සැබෑ ස්වභාවය හංගන් පොහොසත් හා සාර්ථක ජීවිතයක් ගත කරන  සමාජයෙන් තමන්ගෙ වංචා දූෂණ හංගන් පරිපූර්ණ ජිවිතයක් ගත කරනවා වගේ පෙන්නවන කොරියානු දේශපාලන හා ප්‍රසිද්ද පුදගලයන්ගේ සමාජය අන්තර්ගත වෙනවා.

මේ අපිරිසිදු දේශපාලන සමාජයේ අපිරිසිදුකම එළි කරන්න උත්සාහ දරන  අභිචෝදකවරයෙක් වෙන ටේ-සෙප් වගේම නැවත තමන්ගේ ප්‍රතිරූපේ හදන් නැගී එන්න උත්සහ කර නිළියක් වෙන ඔහුගේ බිරිද  චූසොන්ග් ආගේ ජීවිතය   කේන්ද්‍ර වෙනවා.

ටේ-සේප් වැඩි බලයක් ලබා අරන්, දේශපාලනය, මුදල් සහ දූෂණයෙන් පිරුණු භයානක ලෝකයකට ඇතුළු වෙනවා. ඒ සමඟම, චූසොන්ග් ආ ඇගේ කීර්තිය ආරක්ෂා කර ගැනීමට සහ ඉහළින්ම සිටීමට උත්සාහ කරනවා. ඒත් අවසානේ හැමදේම වෙනස් වෙලා ඔවුන් තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න එකිනෙකාව පාවිච්චි කරන්න පටන් ගන්නවා.

කතාව දිගටම බලන් යනකොට ගොඩක් සැඟවුණු සත්‍යයන් එළියට එන්නට පටන් ගන්නවා වගේම. පාවාදීම්, රහස් ගනුදෙනු  ,එකිනෙකාට එරෙහිව වැඩ කරන පුද්ගලයින්. මේ දේවල් නිසා ටේ-සේප් වගේම චූසොන්ග යුවලගේ සම්බන්දතාව බිඳ වැටීමට පටන් ගන්නවා ඉතින් ,

එයාලාට මේ දේවල් වලින් ගොඩ එන්න පුලුවන් වෙයිද ?

එයාලා ඇත්තටම එකම පැත්තේද?

නැත්තම් රහසිගතව සතුරන්ද?

බලය සඳහා එයාලා කොපමණ දුරක් යයිද?

අවසානයේ, හැමදේම අහිමි වන්නේ කාටද?

මේ නාට්‍යය සැකයෙන් වගේම හැගීම් වලින් පිරී ඇති අතර, බලය පසුපස හඹා යාම, විශ්වාසය, ආදරය නිසා මිනිස්සු තමන්වම විනාශ කරගන්න විදිහ බලාගන්න පුලුවන්.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ලොශිනි විසින්.

Comments

July 1, 2026

Destined with you kdrama eka onaa

July 1, 2026

Destined with you kdrama eka dennako