SBS එක Agent Kim Reactivated එකෙන් So Ji-sub ව ගෙනෙද්දි  ඔන්න JTBC එකත් නිකන් ඉන්නෙ නැතුව ඒකටම  හරි යන්න Ji Sung ව ගෙනත් තියෙනවා. කොරියන් කතා බලන අය දන්නවනෙ මේ දෙන්නගෙම කතා කොහොමද කියල. ආයෙ ඉතිං කතාව ගැන කියන්න දෙයක් නැහැ… නේද..

ඉතිං කොහොම හරි මේ කතාව ගැන කියනව නම් මේක කිම් යූන්-යොං රචනා කරපු, ජෝ යොං-වොන් අධ්‍යක්ෂණය කරපු ත්‍රාසජනක, අභිරහස, ප්‍රහසන, අපරාධ ශානරයට ගැනෙන රූපවාහිනී කතා මාලාවක්. කොටස් 12කින් සමන්විත මේ කතාවෙ Ji Sung වගේම තවත් ජනප්‍රිය නළු නිලියො ගොඩ දෙනෙක් ඉන්නවා.

මැර කල්ලියක් වුනත් සමාජයට හොඳ මූණුවරකින් ඉන්න පාක් හේ කන්ග් (Ji Sung) තමන්ව තාත්තා වගේ බලාගත්ත යන්ග් මන්ව බේර ගන්න මුදල් හොයන්න තියෙන වුවමනාවට මහල් නිවාස සංකීර්ණයක පදිංචිකරුවන්ගේ සංගමයේ සභාපති ධුරයට තරඟ කරනවා. ඒ තනතුරට තේරුනාට පස්සෙ පාක් හේ කන්ග් ගෙ ජීවිතයේ වෙන වෙනස් කම් තමයි අපිට කතාවෙන් බලන්න තියෙන්නෙ.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ කනිෂ්කා ගිහානි පෙරේරා විසින්.

Comments

July 21, 2026

ඉතුරු ටික ඉක්මනට ඕනේ

August 20, 2026

ko 11 episode eka dala qwta upload karala nane?

August 21, 2026

11 episode eka nane dala kiyala pennuwata

August 21, 2026

11 වෙනි එපිසෝඩ් එක දාලා කියලා පෙන්නුවට එක නෑනේ..