ඔන්න එහෙනම් මගේ පලමු උපසිරැසිය ගෙනාව, උණු උනුවෙන්ම ගෙනාවේ අද නිකුත්වුනු carrie කතාමාලාවටයි,

අපි පන්තියේ කෙනෙකුට කරන පුංචි විහිළුවක්, ඒ කෙනාටත් විහිළුවක් විදිහටම දැනෙයිද? හැමදාම කොන් කරන, හැමදාම හිනා වෙන කෙනෙකුගේ හිත ඇතුළේ මොනවා තියෙනවද කියලා අපි දන්නවද? ඒ වේදනාවත් එක්ක, ඒ කෙනාටම තේරුම්ගන්න බැරි අද්භූත බලයකුත් අවදි වෙන්න ගත්තොත්? අද අරගෙන එන Carrie කතාමාලාවට ඒ ප්‍රශ්න ටික හොඳ ආරම්භයක් වෙයි.

මේ පාර සිංහල උපසිරැසි ගෙනෙන්නේ Carrie 2026 කතාමාලාවේ පළමු කොටස වන “First Period” කියන කොටසටයි. Stephen Kingගේ 1974දී පළ වූ Carrie නවකතාව ඇසුරින් නිර්මාණය වුණු මේ කතාව Prime Video ඔස්සේ දිගහැරෙන කොටස් අටක කතාමාලාවක්. මෙහි නිර්මාණකරු Mike Flanagan. The Haunting of Hill House සහ Midnight Mass බලපු අයට නම් ඒ නම හුරු ඇති. අද්භූත ත්‍රාසයත්, චරිතවල පෞද්ගලික වේදනාවත් එකට ගැටෙන කතාවකට මේ පසුබිම හොඳින් ගැළපෙනවා.

මේ වෙනකොට IMDb 6.8/10ක අගයක් සහ මේ පළමු කොටසට 9.1/10ක අගයක් තියෙනවා. මේවා වෙනස් වෙන්න පුළුවන් හොදේ

කැරී වයිට්ගේ චරිතයට පණ පොවන්නේ Summer H. Howell. ඇගේ මව වන මාගරට් වයිට් ලෙස Samantha Sloyanත්, සූ ස්නෙල් ලෙස Siena Agudongත් රංගනයෙන් එක්වෙනවා. ඒ වගේම Alison Thornton ක්‍රිස් හාගන්සන් ලෙසත්, Joel Oulette ටොමී රොස් ලෙසත්, Amber Midthunder ඩෙස්ජාර්ඩින් ගුරුතුමිය ලෙසත්, Matthew Lillard විදුහල්පති ග්‍රේල් ලෙසත් දැකගන්න ලැබෙනවා.

දැන් කතාව පැත්තට යමු.

කැරී කියන්නේ සාමාන්‍ය යෞවනියකට ලැබෙන අත්දැකීම් බොහොමයක් අහිමි වුණු දැරියක්. ඇගේ ලෝකය සීමා වෙලා තිබුණේ ගෙදර බිත්ති අතරටයි. පිටත ලෝකය, යාළුකම්, පාසල් ජීවිතය… මේ හැම දෙයක්ම ඇයට අලුත්. පියාගේ හදිසි මරණයෙන් පස්සේ ඒ වසා තිබුණු ලෝකය වෙනස් වෙනවා. තමන් වගේම වයසේ ළමයි ඉන්න පාසලකට යන්න ලැබුණත්, ඒ හැමෝම ඇයව ආදරයෙන් පිළිගන්න ලෑස්ති නැහැ.

කෙනෙක් ඇයව තේරුම්ගන්න උත්සාහ කරන අතරේ තවත් කෙනෙකුට ඇය නිකන්ම විහිළුවක්. අනිත් අයට සාමාන්‍ය දේවල් පවා නොදන්නා කැරීට මේ අලුත් පරිසරයට හුරුවෙන එක ලේසි නැහැ. ගෙදරින් ගෙනා බයත්, පාසලේදී දැනෙන තනිකමත් අතරේ ඇය තමන්ට තැනක් හොයනවා. ඒ අතරේ තමන් තුළ සිදුවෙන අමුතු දේවල් ගැනත් ඇයට මුහුණ දෙන්න වෙනවා. අතක්වත් නොතියා දේවල් චලනය කරන්න පුළුවන් බලයක් තිබුණොත්… ඒක තෑග්ගක් වෙයිද, නැත්නම් තවත් බයක් වෙයිද?

පළමු කොටස ආරම්භ වෙන්නේම හදිසි ඇමතුම් සහ බිහිසුණු ව්‍යසනයක ඉඟි කිහිපයක් එක්ක. ඊට පස්සේ කතාව අපිව කැරීගේ ජීවිතයට ගෙනියනවා. ඒ නිසා මුල ඉඳලම හිතේ රැඳෙන ප්‍රශ්නයක් තියෙනවා: මේ නිහඬ දැරියගේ ජීවිතයත්, ඒ ව්‍යසනයත් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මෙහි ත්‍රාසයට හේතුව වෙන්නේ අද්භූත බලය විතරක් කියලා හිතන්න අමාරුයි. කෙනෙකුට දිගින් දිගටම කරන අවමානය, ගෙදරදීත් නිදහසක් නොදැනීම, අනිත් අය අතරේ ඉඳගෙනත් තනිවෙලා වගේ දැනීම—ඒ දේවල් ගැන හිතද්දීත් මේ කතාව අපහසු හැඟීමක් ඇති කරනවා. කැරීට බය වෙන්න කලින්, ඇය ජීවත් වෙන්නේ මොන තරම් බයකින්ද කියලා හිතන්න වෙන එක තමයි මේ කතාවේ සිත්ගන්නා පැත්ත.

ඉතින් කැරීට මේ අලුත් ලෝකයේ තමන්ව තේරුම්ගන්න කෙනෙක් හමුවෙයිද? ඇයට තමන්ගේ බලය තේරුම්ගන්න පුළුවන් වෙයිද? කතාව ඔයාලටම බලන්න ඉඩ දෙනගමන් මම සමු ගන්නවා.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ Amila Sashen විසින්.

Comments

October 12, 2026

I’d honestly pay anything to see a second season of this show. Every single episode was absolutely amazing, and I genuinely enjoyed every minute of it. This is one of those shows that stays with you even after you finish watching it. I would highly, highly recommend it to everyone. Seriously, if you haven’t watched it yet, you’re missing out. It’s 100% worth watching!

October 12, 2026

Episode 7,8 dnnko ikmnt 😓

October 12, 2026

The Haunting of Hill House සහ Midnight Mass සීරියස් දෙකටත් සබ් දෙන්න.. Thanks

October 14, 2026

💚💛