Cast
Go Full Cast PageThadayam (2026) කියන්නේ 2026 පෙබරවාරි මාසයේ ZEE5 ඔස්සේ නිකුත් වුණු, ඇත්තම සිදුවීම් සමුදායක් ඇසුරින් නිර්මාණය කරපු ඉතාම කුතුහලයෙන් පිරුණු දෙමළ ක්‍රයිම් ත්‍රිලර් වෙබ් සීරීස් එකක්.
මේ කතාව දිව යන්නේ 1999 අවුරුද්දේ දෙමළනාඩුව සහ ආන්ධ්‍ර ප්‍රදේශ් සීමාසන්න ගම්මානවල සිද්ධ වුණු අභිරහස් මිනීමැරුම් වගයක් වටා. රෑ ජාමයේ ගම්වලට රිංගන මිනීමරුවා කාන්තාවන්ව මරා දාලා උන්ගේ කරේ තියෙන තාලිය විතරක් අරන් අතුරුදහන් වෙන එක තමයි කරන්නේ. මේ භයානක අපරාධකාරයාව අල්ලගන්න අදියාමාන් කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සහ ලක්ෂ්මි කියන ඉන්ස්පෙක්ටර්වරිය එකතු වෙලා පරීක්ෂණ පටන්ගන්නවා. ඔවුන්ට මුහුණ දෙන්න වෙන අභියෝග සහ සැබෑ තොරතුරු ඔස්සේ මිනීමරුවා පස්සේ යන විදිහ ඉතාම තාත්වික විදිහට මේ කතාවෙන් පෙන්වනවා.
ජනප්‍රිය නළුවෙකු වන සමුතිරකනි සහ ශිවාදා මෙහි ප්‍රධාන චරිත රඟපාන අතර, නවීන්කුමාර් පලනිවේල් විසින් මෙය අධ්‍යක්ෂණය කර තිබෙනවා.
ඔයා ක්‍රයිම්, අභිරහස් සහ ඇත්ත කතා ඇසුරින් හදපු කතාවලට ආස කෙනෙක් නම්, කිසිම කම්මැැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් පට්ටම සීරීස් එකක් තමයි මේක. ඒ නිසා වෙලාවක් තියෙන වෙලාවක “Thadayam” සීරීස් එක අනිවාර්යයෙන්ම බලන්න කියලා මම ඔයාට ආදරයෙන් ආරාධනා කරනවා!
















