Lingam (2026) TV Series | S01 | Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ලිංගම් (කතිර් / Kathir). එයා හරිම දක්ෂ කබඩි ක්‍රීඩකයෙක්. එයාගේ ලොකුම හීනය වෙන්නේ කබඩි ගහලා රජයේ රක්ෂාවක් ලබාගෙන, පොලිස් නිලධාරියෙක් වෙලා සාමකාමීව ජීවත් වෙන එක.
හැබැයි මැච් එකක් අතරතුර වෙන නොසිතූ අවාසනාවන්ත සිදුවීමක් නිසා, සිද්ධ වුණු මිනීමැරුමකට ලිංගම්ව බොරුවට පටලවනවා. ඒ අභූත චෝදනාව නිසා එයාගේ පොලිස් හීනයයි, මුළු අනාගතයමයි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. තමන් නොකරපු වරදකට මුහුණ දෙන්න වුණාම, තමන්ගේ පැත්තට හිටගන්න කවුරුත් නැති වුණාම, ලිංගම්ට සිද්ධ වෙනවා ජීවත් වෙන්න ඕන නිසාම වෙනස්ම මගක් තෝරාගන්න.
අන්තිමේදී තමන්ව පාවා දුන්නු, තමන්ගේ හීන නැති කරපු පාතාලයටයි, දේශපාලන බලවේගවලටයි විරුද්ධව ලිංගම් කෙළින් හිටගන්නවා. අහිංසක කබඩි ක්‍රීඩකයා හිමින් හිමින් මුළු පළාතම හොල්ලන, කවුරුත් බය වෙන ප්‍රබල පාතාල නායකයෙක් (Gangster) බවට පත්වෙන විදිහ තමයි මේ කතාවෙන් පෙන්වන්නේ.
ප්‍රධාන නළුවා: කතිර් (Kathir – Suzhal සීරීස් එකේ රඟපාපු එක්කෙනා)
ප්‍රධාන නිළිය: දිව්‍යා භාරතී (Divya Bharathi)
අධ්‍යක්ෂණය: ලක්ෂ්මි සරවණකුමාර් සහ ප්‍රශාන්ත් පාණ්ඩියරාජ් (Vilangu සීරීස් එක හදපු කෙනා)
ප්ලැට්ෆෝම් එක: JioHotstar (දෙමළ, තෙලුගු, හින්දි, මලයාලම් ඇතුළු භාෂා ගණනාවකින් තියෙනවා)
කබඩි, පාතාල බල අරගල, පාවාදීම් සහ පළිගැනීම් පිරුණු පට්ටම Dark / Action සීරීස් එකක් බලන්න ආස නම්, Lingam (2026) සීරීස් එක අනිවාර්යයෙන්ම බලන්න!
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම CineMax.lk උපසිරැසි අංශයේ CineMX කණ්ඩායම විසින්.
- 1
First Wave of the Ocean Jun. 26, 2026 - 2
Shadow of the Cry Jun. 26, 2026 - 3
The Fury of Fate Jun. 26, 2026 - 4
The Sea Rises Jun. 26, 2026 - 5
The Season of Betrayal Jun. 26, 2026 - 6
The Chill of a Mild Tremor Jun. 26, 2026 - 7
The Breaking Palm Tree Jun. 26, 2026 - 8
The Burning Sea [S01 Last Episode] Jun. 26, 2026











