Cast
Go Full Cast PageStudent of the Year: After Dark – මිතුරු වෙස් ගත් සතුරන් මැද සත්‍යය සොයන තරුණියකගේ කතාව
ඔබ අපි කවුරුත් දන්නා ජනප්‍රිය ‘Student of the Year’ (2012) සහ ‘Student of the Year 2’ (2019) හින්දි චිත්‍රපට මාලාවේ නිල දිගුවක් (Spin-off) ලෙසින් නිකුත් වූ නවතම නිර්මාණය තමයි Student of the Year: After Dark කියන්නේ. කලින් චිත්‍රපට දෙකේ තිබුණු සුපුරුදු වර්ණවත්, ආදරණීය පාසල් පරිසරයට වඩා හාත්පසින්ම වෙනස්, අඳුරු සහ අභිරහස් මුහුණුවරක් ගත් මේ කතා මාලාව ගෙතී ඇත්තේත් එම චිත්‍රපටවලට පාදක වූ සුප්‍රසිද්ධ ‘ශාන්ත තෙරේසා’ පාසල වටාමයි. 2026 නොවැම්බර් 13 වනදා JioHotstar හරහා නිකුත් වුණු මේ කොටස් හයකින් යුත් හින්දි ත්‍රාසජනක වෙබ් කතා මාලාව නිෂ්පාදනය කරන්නේ කරන් ජොහාර් ඇතුළු ධර්මැටික් එන්ටර්ටේන්මන්ට් ආයතනය විසිනුයි. මෙහි අධ්‍යක්ෂණය රීමා සෙන්ගුප්තා විසින් සිදු කර ඇති අතර, ජනප්‍රිය නිළි ශනායා කපූර් මෙහි ද්විත්ව චරිත නිරූපණයකින් ප්‍රධාන භූමිකාවට පණ පොවනවා. ඊට අමතරව දිවික් ශර්මා, අභිනව් සිං, මාන්යා ග්‍රෝවර්, දීයා දාමිනි වැනි නවක නළු නිළියන් රැසක් සමඟින් ෂීබා චඩ්ඩා, විවේක් ගොම්බර් වැනි ප්‍රවීණයන්ද මීට රංගනයෙන් දායක වෙනවා.
කතාව ආරම්භ වන්නේ ‘ශාන්ත තෙරේසා’ පාසලේ සිසුන් අතර වඩාත්ම ජනප්‍රිය සහ කැපී පෙනෙන තාරකාව වූ ආයේෂා මලික්, අයිස් මිදුණු විලක අභිරහස් ලෙස මියගොස් සිටියදී හමුවීමත් සමඟයි. ඇගේ මරණය හුදෙක් හදිසි අනතුරක් පමණක් නොවන බවට සැක කරන ආයේෂාගේ නිවුන් සොහොයුරිය වන අදිති, සත්‍යය සොයා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එම පාසලටම ඇතුළත් වෙනවා. ‘Student of the Year’ කුසලානය දිනා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන අතිශය දරුණු, ජීවිතය පවා පරදුවට තබන රහසිගත තරගාවලියකට මැදිවන අදිතිට, තම සොහොයුරියගේ සමීපතම මිතුරන්ගේ සුන්දර මුහුණු පිටුපස සැඟවුණු බිහිසුණු රහස් සහ කුමන්ත්‍රණ එකින් එක හෙළිදරව් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ආයේෂාගේ ජීවිතය බිලිගත්තේ කවුද? ඒ පිටුපස තිබෙන අරමුණ කුමක්ද? කියන කුතුහලය අවසාන තත්පරය දක්වාම ප්‍රේක්ෂකයාගේ හුස්ම හිරකරවන තරමටම තියුණු විදියට මේ කතාව ගලාගෙන යනවා.
කුතුහලය, අභිරහස සහ තරගකාරීත්වය පිරුණු මේ වෙනස්ම ආරේ බොලිවුඩ් වෙබ් කතා මාලාව කිසිම සිංහල උපසිරැසි සමඟින් රසවිඳිමට Cinesubz.lk වෙබ් අඩවියට පිවිසිලා, ඩවුන්ලෝඩ් කරගන්න කියා ආරාධනා කරනවා!
















