රුමේනියාවේ සිට දකුණු කොරියාවට පැමිණෙන Pi Na-Young කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න හීන දකින තරුණ වැම්පයර් කෙල්ලෙක්.  මේ අමුතු වැම්පයර් තරුණිය ‘දුයිල් උසස් පාසලට’ ඇතුළත් වීමත් සමඟම කතාවේ සැබෑ කුතුහලය ඇරඹෙනවා. ඇය තමන්ගේ අමනුෂ්‍ය ස්වභාවය සහ වැම්පයර් රහස් ලෝකය සමාජයෙන් සඟවාගෙන, සාමාන්‍ය මනුෂ්‍ය සිසුවෙක් වන Jang Woo-Joo සමඟ ළඟින් ඇසුරු කරමින් පාසල් ජීවිතය ගෙන යාමට උත්සාහ කරන ආකාරය අතිශයින් හාස්‍යජනක මෙන්ම ආදරණීය අයුරින් මේ කතා මාලාවේ නිරූපණය වනවා.

රංගනයෙන් දායක වන නළු නිළියන්

ප්‍රධාන චරිතය වන Pi Na-Young ලෙස Han Su-a රංගනයෙන් දායක වන අතර,

ඇයගේ පංතියේ මනුෂ්‍ය මිතුරා වන Jang Woo-Joo ලෙස Kim Hyun-jin සහ Lee Seung-gyu ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත පණගන්වනවා.

විශේෂයෙන්ම මුල් ‘Hello Franceska’ කතාවේ ප්‍රධාන චරිත රඟපෑ Shim Hye-Jin සහ Park Hee-Jin මෙහි විශේෂ රංගනයන්ගෙන් (Cameo) දායක වෙනවා.

“Hello Franceska” කොරියන් සිට් කොම් එකේ Spin-off එකක් විදියට මේ කතා මාලාව ආවට කතා මාලාව නැරබීම සදහා මුල් කතා මාලාව නරබා තිබීම අවශ්‍ය වන්නේ නෑ,
කොටස් හතරකින් සමන්විත, එක හුස්මට නරඹා අවසන් කළ හැකි මේ අපූරු ෆැන්ටසි කතාව සිංහල උපසිරසි සමඟ නරඹන්න කියලා ආරාධනා කරනවා.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ තරිදු දිසානායක විසින්.

Comments