EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Lady Vengeance (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Lee Kyoung-mi, Park Chan-wook, Seok Min-u
Cast
Go Full Cast PageLady Vengeance (2005) | තෙවැනි පළිගැනීම හෙවත් චංගුමීගෙ පළිගැනීම
මේ චිත්‍රපට ත්‍රිත්වයකින් යුත් චිත්‍රපට පෙලක තුන්වැන්න කියලා අද ගෙනාවෙ. මෙය සම්මාන රැසකට පාත්‍ර වූ හා නිර්දෙශ වූ සලරුවක්. කලින් දෙකත් බලලා නැත්තන් මෙතනින් ගිහින් බලන්නකො.
- Sympathy for Mr. Vengeance (2002)
- Oldboy (2003)
- Lady Vengeance (2005)
කලින් දෙක බැලුවෙ නැති උනත් කමක් නෑ මේක බලන්න පුලුවන්, මොකද මේ තුනේ කිසි සම්බන්ධයක් නෑ. අද දෙන එකට ලැබිලා IMDb අගය 7.6ක් හොඳේ…
එහෙනම් බලමු කතාව, දන්නවනෙ ඉතිං චංගුමී කියන්නෙ කවුද කියල. සුජාත දියණිය කියන නාට්‍යයෙන් මුළු ලංකාවම හෙල්ලුවනෙ මෙයා. මේකෙත් මෙයා මාර ලස්සනට රඟපානවා. කොහොමත් චංගුමිත් හරි ලස්සනයිනෙ… ඇත්තටම චංගුමී කියලා දැම්මෙ ඔයගොල්ලන්ට අඳුරගන්න පහසුවෙන්න. මේකෙදි මෙයාගෙ නම ලී ගුම්-ජා. මේක තමා මෙයා අන්තිමට රඟපාපු සලරුව. මං දන්න තරමින් තාම අළුත් එකක් ඇවිත් නෑ මෙයා රඟපාන මේකට පස්සෙ. ගුම්-ජාට තරුණ වයසෙදිම හිරේ යන්න වෙනවා වොන් මෝ කියන වයස 5 ක ළමයව මැරුවට. මෙයා හිරේ ඉන්න කොට ගොඩාක් යාළුවො ඇති කරගන්නවා. පස්සෙ මෙයා හිරෙන් නිදහස් වෙලා ඇවිත් බීක් කියලා කෙනෙක්ව හොයන්න පටන් ගන්නවා. ඒ මොකටද දන්නවද, පළිගන්න. මොකද අර ලමයව මරලා තියෙන්නෙ ගුම්-ජා නෙමෙයි බීක්. මෙයා එසේ මෙසේ මිනිමරුවෙක් නෙමෙ. ළමයින් ගනනාවක්ම මරලා තියෙනවා. ගුම්-ජා ළමයව මැරුවෙ නැත්තන් මොකටද හිරේ ගියෙ? බීක්ව හොයගන්න ලැබෙවිද? පළියගන්නෙ කොහොමද? ඔක්කොම දැනගන්න මේක බලලා. මේකෙ පොඩ්ඩක් නිල් පාට කෑලි තියෙයි හරිද… 😛







