EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sympathy for Mr. Vengeance (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Lee So-yeong, Park Chan-wook
Cast
Go Full Cast PageSympathy for Mr. Vengeance (2002) | පළිගැනීම !
මේකනම් පට්ට පතුරු ෆිල්ම් එකක්. IMDB 7.7 ගන්නත් හැකි වෙලා තියෙනවා .මේකට පස්සෙ තවත් ෆිල්ම් 2ක් හැදිලා තියෙනවා මේ වගෙ. එකම කෙනෙක් තමා අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ. බලමු ඒවටත් ඉස්සරහට දෙන්න බලන්නම් උපසිරැසි. ෆිල්ම්ස් 3ක් තියෙන නිසා මේක හඳුන්වන්නෙ The Vengeance Trilogy කියලා. ඒ කියන්නෙ 3 නේම තියෙන්නෙ පලිගැනීම් සම්බන්ධ දේවල් තමා.
- Sympathy for Mr. Vengeance (2002)
- Oldboy (2003)
- Lady Vengeance (2005)
අන්තිම එකෙ අපි දන්න කියන චංගුමීත් ඉන්නවා. ඒවගෙම මුලින්ම දෙයක් කියන්න තියෙනවා. ඒ තමා මාව මේ ෆිල්ම්ස් 3 ගැන දැනුවත් කරලා ඉන් නොනැවති ෆිල්ම්ස් ත්‍රිත්වයම බාගත කර DVD වලට පිටපත් කරලා මගෙ නිවසටම තැපැල් කරලා එවපු දිනෙෂ් ප්‍රියසාද් පෙරේරා නම් වූ මාගෙ හිතවත් අන්තර්ජාල මිතුරාට මාගෙ හදපිරි ස්තුතිය පුද කරනවා.
කතාව මෙහෙමයි රුයු කියලා ගොළු, බිහිරි කෙනෙක් ඉන්නවා. එයාට ඉන්නවා සහෝදරියක්. එයාගෙ සහෝදරියට වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා. මොවුන් ගොඩක් දුප්පත්. රුයු එයාගෙ වකුගඩුවක් දෙන්න හැදුවත් ඒක කරන්න ලැබෙන්නෙ නෑ, ලේ වර්ගය නොගැලපෙන නිසා. ඉතින් ඔහු යනවා ශරිර කොටස් වෙළදාම් කරන කළුකඩකාරයො හම්බවෙන්න. සහෝදරියට ගැලපෙන වකුගඩුවක් ලැබුනම දෙනවා කියලා පොරොන්දුවෙලා උන් රුයුගෙ වකුගඩුවකුයි සල්ලියි අරන් පැනලා යනවා. ඒක අස්සෙ ඉස්පිරිතාලෙන් කියනවා එක්කෙනෙක් හම්බ උනා සල්ලි අරන් එන්න කියලා. දැන් ඉතින් සල්ලි කෝ. ඒ පාර කරන වැඩෙ, රුයු එයාගෙ පෙම්වති එක්ක එකතුවෙලා පොඩි ගෑනු ලමයෙක්ව උස්සනවා කප්පම් ගන්න (අර Barfi (2012) ෆිල්ම් එකෙ තිබ්බෙ, ඒ වගෙ සීන් එකක්). වැඩෙ කියන්නෙ මොවුන් අතින් ඒ ගෑනු ලමයා මියයනවා. පස්සෙ ගෑනු ලමයගෙ පියාට තදවෙලා හැමොගෙන්ම පලිගන්නවා.
තවනම් කියන්නෙ නෑ. අරන්ම බලන්න. ගෑනු ලමයා මැරුනෙ කොහොමද? සහෝදරියට මොකද උනෙ? අර කළුකඩකාරයන්ට මොකද වෙන්නෙ? රුයුගෙ පෙම්වතිට මොකො වෙන්නෙ? රුයුට මොකක්ද වෙන්නෙ? ගෑනු ලමයාගෙ පියාට මොකො වෙන්නෙ? මේ ඔක්කොම ප්‍රශ්න වලට පිලිතුරු ෆිල්ම් එකෙ ඇති. අරන් බලන්න. වගකීමෙන් කියන්නෙ මේකනම් ඔබ නැරඹිය යුතුම වටිනා ෆිල්ම් එකක්.
ආ..තව දෙයක්… මේකෙ නිල් පාට කෑලි තියෙයි හරිද.







