The Continental: From the World of John Wick (2023) S01 Complete | 18+
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-03 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageකොහොමද හැමෝටම ? මේ අරගෙන ආවේ ඔයාල සැහෙන දෙනෙක් ඉල්ලපු ටීවී සිරිස් එකක්. සෑහෙන දෙනෙක් ඉල්ලුවට මොකද මේක බලන්න පුළුවන් 18+ අයට විතරයි. ප්‍රසිද්දියේ බලල අපහසුතාවයට පත් වෙලා අපිට දොස් කියන්න එහෙම එපා ඔන්න 😉
මේ කතාව ජෝන් වික් ෆ්රන්චයිස් එකටයි සම්බන්ධ, ඔයාල මේ වෙනකොට ජෝන් වික් ෆිල්ම් තුනම බලන්න ඇති කියල හිතනවා. බලල නැත්නම් අනිවා බලන්න. එහෙම ෆිල්ම් කවදාවත් මගහැරගන්න එපා. ඉතිං ඒ ෆිල්ම් එකේ එන නිව්යෝක් කොන්ටිනෙන්ටල් හොටෙල් එකේ කතාව තමයි මේ තියෙන්නේ. මේ මිනි සිරිස් එකක් විධියට නිර්මාණය වෙන මේ සිරිස් එකේ එපිසෝඩ් තුනයි තියෙන්නේ. හැබැයි ඒ තුන ෆිල්ම් තුනක් වගේ. පැය එකහමාර + ධාවන කාලයක් තියෙනව එක එපියක. මේ කතාව පසුබිම් වෙන්නේ 1970 දශකයට, හැබැයි ජෝන් වික් ෆිල්ම් තුනේ තිබුණු වයිබ් එක ඕනෑවටත් වඩා මේකේ තියෙනව.
මෙහි නිර්මාණකරුවන් වෙන්නේ Greg Coolidge, Shawn Simmons සහ Kirk Ward තිදෙනා. මේ සඳහා imdb වෙබ් අඩවියේ 7.5ක අගයක් ලැබෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ 64%ක විචාරක අගයකුත්, 81%ක ඕඩියන්ස් ස්කෝර් එකකුත් ලබාගෙන ෆ්‍රෙෂ් මට්ටමක් පවත්වාගෙන යන්න සමත් කම් දක්වනවා. ඒ වගේම මේ සඳහා සිනමා පුරාවෘතයක් වෙන Mel Gibson ප්‍රධාන වශයෙන් එකතු වෙනව. ඔහුට අමතරව ප්‍රධාන වශයෙන් Colin Woodell, Mishel Prada, Hubert Point-Du Jour, Katie McGrath, Ayomide Adegun, Nhung Kate, Jessica Allain වගේ අය එකතු වෙනවා. ඉතිං ජෝන් වික් ෆිල්ම් වගේම තමයි, මේ ටීවී සිරිස් එකත් ඇක්ෂන්, ක්‍රයිම් සහ ත්‍රිලර් කියන වර්ගයට අයිති වෙන්නේ.
අද මේ අරගෙන ආව පලවෙනි එපිය අධ්‍යක්ෂණය කරන්නේ Albert Hughes. ඔහු තමයි Alpha 2018 ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ එපියට 7.6ක imdb අගයක් ලබාගන්න සමත් වෙනවා. එහෙනම් අද කතාව ගැන බලමු.
අද කොටසින්:
වින්ස්ටන් කියන්නෙ කපටිකමින් බිස්නස් වැඩ ගොඩදාගන්න මොළකාරායෙක්. එයාට අයියා තමයි ෆ්‍රැන්සිස්. ෆ්‍රැන්කි කියල තමයි කතා කරන්නෙ. ඒගොල්ලො පොඩි කාලෙ ඉඳන් හැදිලා තියෙන්නෙ කොන්ටිනෙන්ටල් පරිසරයෙ දුක් විඳින ගමන්. කොන්ටිනෙන්ටල් කියන ඝාතකයන්ගෙ හෝටලේ ප්‍රධානියා වෙන කෝමැක් විසින් වින්ස්ටන්ට බල කිරීමක් කරනවා, වින්ස්ටන්ගෙ අයියා වෙන ෆ්‍රැන්සිස්ව හොයාගෙන එන්න කියලා. කතාව ඔය විදිහටයි සිද්ධ වෙන්නෙ. එහෙනෙම් සීරිස් එක අද ඉඳන් අවසානය තෙක් බලන්න කියල ආරාධානා කරනවා ඕං.















