Inspector Rishi (2024) TV S01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageකඳුකර ගම්මානයක් අභිරහස් ඝාතන වලට ගොදුරු වීමට පටන් ගත් විටදී මේ ඝාතන සිදු කරන්නේ වනරට්ච් මාරාන්තික වනාන්තර ආත්මයක් බවට ප්‍රදේශවාසීන් බිය වීමට පටන් ගන්නවා. මේ මළසිරුරු ගස්වල රැඳිලා මකුළු දැල් වලින් වට වෙලා තිබුණා. ඉන්ස්පැක්ටර් රිෂි නන්දන්, ඔහු යටතේ සහය පරීක්ෂක වරුන් දෙදෙනෙක් වන අයියනාර් සහ චිත්‍රාගේ සහය ඇතිව මේ කුඩා කඳුකර ගම්මානයේ වනරාට්ච් යක්ෂනිය සිදු කරනු ලබන විස්මයාකාර ඝාතන මාලාව විමර්ශනය කරනවා. බුද්ධිමත්, කාර්යක්ෂම රිෂී මේ ඝාතන වලට වැරදිකරු වනරාට්ච් බව කියන කතා පිළිගන්නේ නැහැ. ඔවුන්ට රහස් එළිදරව් කරගැනීමට හා මේ පැහැදිලි කළ නොහැකි අභිරහස පිටුපස තිබෙන සත්‍යය සෙවීමේ වගකීම පැවරී තිබෙනවා. මොවුන් තිදෙනා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ අභියෝග හරහා ගමන් කරනවා පමණක් නෙවෙයි, ඔවුන්ගේ අධිෂ්ඨානය සහ හැකියාවන් සීමාව දක්වාම පරික්ෂා කරන අත්භූත බලවේග සමඟින් සටන් කිරීමට සිදු වෙනවා.
Suzhal: The Vortex (2022), Vadhandhi: The Fable of Velonie (2022), Dhootha (2023) වැනි අභිරහස් කතා මාලා ගෙන ආ ඇමසන් ප්‍රයිම් විසින් ගෙන එන නවතම අභිරහස් කතා මාලාව තමයි ඉන්ස්පැක්ටර් රිෂී. උඩින් සඳහන් කරපු සීරීස් බලලා නැත්නම් බලන්න කියලා නිර්දේශයක් කරනවා. අද දින(මාර්තු 29) විකාෂණය ඇරඹුණු මේ කතා මාලාව නන්දිනී JS විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. නවීන් චන්ද්‍රා, ස්‍රීක්‍රිෂ්ණා දයාල්, කන්නා රවී, මාලිනි ජීවරත්නම්, සුනේනා, කුමාර්වේල්, ගජ්රාජ්, මයිම් ගෝපි, වසන්ති(ඒජන්ට් ටීනා) ආදී බොහෝ දෙනෙක් රඟපානවා.
මේ සීරීස් එක දෙමළ වුණත් ඇත්තටම නවීන් චන්ද්‍රා තෙළිඟු නළුවෙක්. නවීන් චන්ද්‍රා මෑතකදී තිරගත වුණ Jigarthanda Double X (2023) චිත්‍රපටයේ දරුණු දුෂ්ඨ චරිතයක් රඟ දැක්වුවා. කියන්න දෙයක් නැහැ, ඒ චරිතය එයා වෙනුවෙන්ම ලියාපු එකක් වගේ ඉදිරිපත් කළා. නවීන්ට මේ වගේ කතා මාලාවක් ලැබීම ඔහුගේ දක්ෂතාවයන් විදහා පෙන්වීමට ලොකු අවස්ථාවක්.
මීට Imdb රේටින් අගය ලෙස දැනට 7.4ක් හිමි වෙලා තියෙනවා. අභිරහස් කතා මාලා ප්‍රිය කරන අය කැමති ආකාරයේ මිනිත්තු 40-45ක් දිවෙන කොටස් 10කින් යුත් කතා මාලාවක්.
- 1
The Huntress Mar. 29, 2024 - 2
Devil is in the Details Mar. 29, 2024 - 3
In the Shadows Mar. 29, 2024 - 4
What Lies Beneath Mar. 29, 2024 - 5
Something Wicked Mar. 29, 2024 - 6
The Ties That Bind Mar. 29, 2024 - 7
Deliver us from Evil Mar. 29, 2024 - 8
The Darkest Hour Mar. 29, 2024 - 9
The Secret Cavern Mar. 29, 2024 - 10
Close Encounters [S01 Last Episode] Mar. 29, 2024














